ලොක් ඩවුන් කරපු මිගමුවේ සුසාන භුමියක සිහිවටන පළක කඩපු අයව පොලිසි කැදවලා ?

0
534

සොහොන 1සෙහොන් කොතමීගමුවේ එක්තරා සුසාන භුමියක භුමදානය කර ඇති සිය මවගේ සහ පියාගේ මෙන්ම සොහොයුරියද  සිහිවනු පිණිස එහි තබා තිබුන කුරුස කැඩි බිදි ගොස් තිබුන නිසා අදාල සුසාන භුමිය අයත් දේවස්ථානයේ පියතුමාවද දැනුවත් කරමින් සිහිවන පලක දෙකක් රු 80000 වියදම් දරා මිසම්වාසියෙකු විසින් පසුගිය  මාසයේදි ස්ථාපිත කර තිබුණි.
මේ සිහිවනට පළක ඉදිකිරිමට භාරදිමට මත්තෙන් අදාල මිසමේ පියතුමාවද දැනුවත් කර තිබුණ බවද සැලය

ඉන් දින කිපයකට පසු අදාල දේවස්ථානයේ සුසාන භුමි කමිටුවේ සමාජිකයන්ද රැස්ව සිටි තැනකට පැමිණෙන ලෙස පියතුමාගෙන් ලද ඇරයුමකට එහි ගිය විට මේ මිසම්වාසියාට දැනගන්නටලැබි තිබුනේ අදාල පලක වහාම ඉවත් කර ගතයුතු බවය.
අදාල සුසාන භුමියේ එවැනි පලක තැබිමට තහනම් කොට ඇතැයිද දැනුම් දි තිබුණි.

කෙසේ වෙතත් දින කිහිපයකට පසු නොවැම්බර් මස සුසාන භුමියට ගිය  මේ මිසම් වාසියාට  දැකගන්නට  ලැබුනේ එකි පලක කව්රුන් හෝ විසින් කඩා බිද දමා ඇති බවය.

සිය මව සහ පියා මෙන්ම සොහොයුරියද වෙනුවෙන් ස්ථාපිත කළ පලක කඩා දැමිම නිසා ඇතිවු සිත්තැවුලෙන් පියතුමාවටද මේ අවනඩුව ඉදිරිපත් කොට තිබුණි.
ඉන්පසුව පොලිසියටද පැමිණිලි කර තිබුන අතර අදාල සුසාන භුමි කමිටුවේ සමාජිකයන් පිරිසක් ඒ අනුව මේ පැමිණිල්ල විභාග කිරිම සදහා කැදවා තිබුණි.
එහිදිද පොලිසියේ උසස් නිළධාරි මහතෙකු දෙමව්පියන් සිහිවනු පිණිස තැනු පලක මෙසේ කඩා දැමිම මානුෂිය නොවන බවට කරුණ පැහැදිලි කර තිබුනි.

සැබැවින්ම මිය ගිය තම ඥාතින් වලදැමු තැන සිහිකරගනු පිණිස මේ ආකාරයෙන් කිසියම් සලකුණක් තැබිම කතෝලික ආගමික සංස්කෘතිය අනුව හැම තැනම එදා සිටම සිදුවුවකි.

එහෙත් අදාල පළාත් පාලන බලප්‍රදේශවල දේශපාලන අධිකාරිය ඇතුළු පරිපාලන අධිකාරිය මිය ගිය වුවන් වල දැමිම වෙනුවෙන් වෙන්කර ඇති භුමි ප්‍රමාණයේ සිමාව නිසා මේ වන විටත් ගැටලු රැසක් මතුව තිබේ.

එම නිසා මිනිස්කමටත් නිගා දෙමින් විවිධ නිති රිති පණවා වලදැමු තැන් සිහිකරනු පිනිස ඉදිකරනු ලබන මතක කොත් ස්ථාපිත කිරිම තහනම් කිරිමට ඇතැම් මිසම් වල අය දැන් නිති රිතිද දමා තිබේ.

සැබැවින්ම මේවා කඩාබිද දැමිමෙන් හෝ ස්ථාපිත කිරිමට ඉඩ නොදිමෙන් මේ ප්‍රශ්ණය විසදාලිය නොහැකි බව දැන් යථාර්ථයකි.

එසේ නම් මේ ප්‍රශ්ණ විසදාලිමට කිසියම් වැඩපිළිවෙලක් සැකසිය යුතු අතර ඒ අතරතුර මේ ප්‍රශ්ණ හා බැදුනු සිදුවිම් වලදි වණ්ඩි පාට් දැමිම වෙනුවට  මානුෂික ප්‍රවේශකින් කටයුතු කිරිම සැබැවින්ම වැදගත් වන්නේ අප සැම මිය යන මිනිසුන් නිසාය

අප දැන් රටක් ලෙසින් මුහුණ දිම සිටින්නේ බරපතල තත්වයකටය.වසංගතට මෙන්ම මරණයද එකසේ පැතිර යමින් තිබේ.

මිගමුව සති 5 ක් තිස්සේ ලොක් ඩවුන් කර ඇත.

මේ ලොක් ඩවුන් අස්සේත් මළවුන් වල දැමු තැනක තැබු පලකයක් කඩිමුඩියේ කඩා දමන්නට තරම් උනන්දුවක් මේ පල්ලිවල කමිටු සාමාජිකයන් තිබුනේ ඇයිදැයි අදාල මිසමේ පියතුමා විසින් පවා ප්‍රශ්ණ කළ යුතුව තිබේ.

වාර්තාවන අන්දමට මෙසේ අදාල පලකය කඩා දැමිම ගැන පියතුමා පවා දැනුවත් නැත.

බොහෝ තැන්වල පියතුමන්ටත් ඉහලින් ගොස් නීතිය අතට ගන්නට වලිකන වලිකාර කිතුණුවෝ ගැන තැනින් තැන අසන්නට ලැබේ.
ඒ සෑබෑ කිතුණුකමත් සැබැවින්ම ප්‍රශ්ණ කළයුතුව තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here