කාලෙකට ඉස්සෙල්ලා කටුනායක පල්ලියට ආපු පුංචි ස්වාමි පල්ලි දෙකක් හින්ද බෙදිල තිබුන ගම එකතුකරල ලොකු වෙනසක් කළා.
පල්ලියෙන් ඈත් වෙලා උන්න කොල්ලෝ කෙල්ලෝ පල්ලිය වටේ එකතු කරන්න අරුත් බර සුන්දර දේවල් ගොඩක් කළා.
දරුුවන්ට අහිමිකරන ලද ළමා කාලයේ සුන්දර දේවල් එයාලාගේ ජිවිතවලට එකතු කරල දෙන්න සැලැසුම් කළා.
පසුගිය දවසක පැවැත්වුණ සරුංගල් සැණකෙලිය තවත් සුන්දර අත්දැකිමක් .
ඒ පොඩිඋන් වගේ ලොකු උනුත් ලස්සන සරුංගල් හදල ඒවා ඒත්තුකාලේ වෙරළ උද්‍යානයේදි උඩ යවල හැමෝටම සුන්දර මොහොතක් උදාකරල දුන් හින්ද ….