ලොව දක්ෂ පිහිනුම් උපදේශකවරයෙකු ලොවෙන් සමුගනී !

0
244

wison 1

කටාන,  කදවල  ,  ආනන්දපුර  මාවතේ   පදිංචි හිටපු  ප්‍රවීන  පිහිණුම්
ජාතික  උපදේශක  ඊ. ජී. ඒ.  විල්සන්  මහතා  පසුගිය  සෙනසුරාදා
අභාවප්‍රාප්ත  විය. වයස   අවුරුදු  72ක්  පමණ  වූ  ඒ මහතා  දරුවන්
දෙදෙනෙකුගේ  පියෙකි.
ඔහු   දක්ෂ  පිහිනුම්  උපදේක  වරයෙකු  වූ  නිසාම   ඔහුගෙන්  පුහුණු වූවෝ
පිහිනීමේ  තරග වලින්   ලොවම  ජයගැනීමට  සමත් විය.  නමුත්   මරණය
සියල්ලන්ටම  පොදුවූ  ධර්මතාවයක්  වන  බැවින්  එය  ජය  ගැනීමට  විල්සන්
මහතාට  නොහැකි  විය.

විල්සන්   මහතා  ඔලිම්පික්  තරග  වලදී  ලංකාව  නියෝජනය  කරමින්  පුහුණු
උපදේශක  වරයෙකු  ලෙස  රටවල්  ගනනාවක  සංචාරය  කර ඇති  අතර  ඔහු  යටතේ
පුහුණු  වූ  අය  අතර  ජුලියන්  බෝලිං  වැනි  දක්ෂ  පිහිණුම්   කරුවන්
රැසක්  බිහිවිය.  තම  කාර්්‍ය  නිසිලෙසින්  ඉටුකළ  ඒ  මහතා  අවසන්  වරට
ලොයලා  විදුහලේ  පිහිනුම්  උපදේශක  ලෙස  කටයුතු  කරන  ලදී.   ඔහුට    මෙම
ක්‍රීඩාව  පමණක්  නොව  ජීවිතයද   අතහැර  යාමට  සිදුවුවත්,   ඔහු විසින්
ලබාදුන්  උපදේශ   සහ  පුහුණුව  පිළිබද  මතකයන්  සදා  නොමැකෙනු  ඇත