ලෝකයේම නම තැබු නයිනමඩමේ කොල්ලෝ දෙන්නෙක්.

0
214

Nainamadama newsනයිනමඩම නාමය නැවතත් ලොව පතල කරමින් ස්විස්ටර්ලන්තයේ ජිනිවා නුවර පැවති ලොව නන් දෙසින් පැමිණි නව නිපැයුම් කරුවන්ගේ නව නීර්මාණ තරඟාවලියේ විද්‍යුත් පරිපථ අධාරයෙන් මිනිස් ජීවිත හා අනතුරු වැලැක්වීමට නිපදවු නව නිර්මාණය වෙනුවෙන් රන් පදක්කම් දිනු අපේ ගමේ තරුණයන් දෙදෙනෙක් හෙට (23) දිවයිනට පැමිණේ ඒ බටහිර නයිනමඩම මුට්ටුව ප්‍රදේශයේ පදිංචි වර්ණකුලසූරිය ස්ටැන්ලි ක්‍රිස්ටෝපර් තමෙල් හා වර්ණකුලසූරිය ජසින්තා ප්‍රනාන්දු යන අයගේ පුත් වර්ණකුලසූරිය සම්පත් රුවන් හා මැද නයිනමඩම ප්‍රදේශයේ පදිංචි නිමල් ඇන්ටනි රංජිත් හා ටෙක්ලා හයසින්ත් පෙරේරා යන අයගේ පුත් ඩිවොන් ලයන්ත යන තරුණයන් දෙදෙනා එක්ව කල ඒ නිර්මාණයේ ගෞරවය අපේ ගමට හා රටට ගෙන එමිණි නයිනමඩම සාන්ත මරියා විදුහලින් ප්‍රාථමික අධ්‍යාපනය ලබා වෙන්නප්පුව සාන්ත ජෝශප් වාස් විදුහලින් දිවිතික අධ්‍යාපනය ලබන මේ තරුණයන් දෙදෙනාම තම සහජයෙන් උරුම කරගෙන ආ කාර්මික ඥාණය උපයෝගි කරගෙන බොහෝ දේ නිපදවමින් අත්හදා බලමින් තම දක්ෂතා වැඩි දියුණු කර ගනිද්දි අපේ රටේ දුම් රිය අනතුරු දිනෙන් දිනම ඉහල යද්දි ඒම අනතුරු වැලකීමට අවැසි තාක්ෂණික සහය ලබා ගැනීමට රට පුරා සිටින දක්ෂයන් හට ලැබුණු ආරාධනයෙන් මෙම තරුණයන් දෙදෙනා එක්ව නිපදවන ලද දුම් රියක් එන වේගය හා ශබ්දය අනුව ස්වංක්‍රීය ලෙස දුම් රිය ගේට්ටු වැසියාමේ එම නව උපාංගය පසුගිය වසරේ නව නීර්මාණ තරඟයේ හොඳම නීර්මාණය ලෙස තේරි පත්වන්නේ රටක් නියෝජනය කරමින් පසුගියදා ජිනීවා නුවරදි තිබුණ ඒ ලොව නන් දෙසින් පැමිණි නව නිර්මාණ කරුවන් සමග තරග කිරිමේ වරම ලබමිනි ඒ අනුව තාක්ෂණික අංශයේ රටවල් 56 ක තරඟකරුවන් 700ක් අභිමවා අපේ ගමේ ඒ තරුණයන් විසින් නිපදවන ලද ආරක්ෂිත දුම් රිය ගේට්ටු ක්‍රමය වෙනුවෙන් රන් පදක්කම් ලැබීම අපේ රටටත් අපේ ගමටත් මහත් ආඩම්බරයකි මේ තරුණයන් දෙදෙනාට අපේ උත්තමාචාරය
චන්දන ප්‍රනාන්දු – වෙන්නප්පුව