ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාව වන පාපන්දුවේ ශ්‍රීලංකා අනාගතය කොයි බටද ?

0
908


ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අවධානය සඳහායි.
අප ශ්‍රීලාංකිකයා ක්‍රිකට් ක්‍රීඩාව වෙත හදවතින්ම බැඳී සිටියද,ලෝකයේ වැඩිම රටවල් සංඛ්‍යාව ක් ක්‍රීඩාවේ යෙදෙන ලොව ජනප්‍රීයම ක්‍රීඩාව වන පාපන්දු ක්‍රීඩාව අප මවුබිම තුල ඉහලට ඔසවා තැබීමෙන් අපට ගත හැකි ප්‍රයෝජන බොහෝය.යුරෝපයේ දියුනුම රටවල් ඇමරිකාව හා ඕස්ට්‍රේලියාව වැනි රටවල් සමඟින් අත්වැල් බැඳ ගැනීමටත් ඔවුන් හා ගැටීමටත් පාලමක් ලෙස පාපන්දු ක්‍රීඩාව යොදා ගත හැකිව තිබියදී අප එයින් ප්‍රයෝජන නොගන්නේ මන්ද ?

80 දශකයේ දී ජාත්‍යන්තර පාපන්දු වර්ගීකරනයේදී 110/115 අතර මට්ටමක පැවති ශ්‍රීලංකාව අද වන විට,රටවල් 210 ක් අතරේ සිටින්නේ 205 වන ස්ථානයේය.කෙතරම් අභාග්‍ය සම්පන්න තත්වයක්ද ?

අපට දැන ගැනීමට ඇති පරිදි වත්මන් පාපන්දු සම්මේලනයේ සභාපති වරයාගේ වැටුප මාසිකව රු.ලක්ෂ 9 කි.( මෙම සංඛ්‍යා සදොස් යැයි යමෙක් පෙන්වා දෙන්නේ නම් නිදොස් කිරීම් වලට යටත් වෙමි)ඔහුගේ පුත්‍රයාද පාපන්දු සම්මේලනයේම ඉහල තනතුරක් දරමින් රු. ලක්ෂ 7 ක මාසික වැටුපක් ලබන බව සැලවේ.

පාපන්දු ක්‍රීඩාව දශක ගනනාවක් එක තැන පල් කල හිටපු සභාපති වරයෙකුගේ පුතෙක්ද මෙවර නිලවරනයට තරඟ කිරීමට සූදානම් වන බවට තොරතුරු ලැබෙමින් පවතී. තවත් මෙකී නොකී නිලධාරීන් රාශියක් සිටියත් ලොව අන් රටවල් තාක්ෂනික ක්‍රමෝපායන් ඔස්සේ 21 වන සියවසේ නොපෙනෙන මානයන් සොයා වෙහෙසුනද,අප රටේ පාපන්දු ඔස්තාර්ලා තවමත් ක්‍රීඩකයින් හට පුහුනු කරමින් සිටින්නේ 60/70 දශකයේ පැරනි පාපන්දු ක්‍රීඩා ශෛලිය වේ.ඊට හොඳම උදාහරනය නම් අප ක්‍රීඩකයින් හට පන්දුව පසුපසට පාස් කර නොගන්නා ලෙස උපදෙස් ලබා දෙන විට යුරෝපයේ පාපන්දු දැවැන්තයින් අවස්ථානුකූලව තම පිලේ ගෝල් රකින්නා දක්වාම පසුපසට පාස් කර ගැනීම සිදු කරති.අවශ්‍ය වන්නේ එසේ කල යුත්තේ කුමන වටාපිටාවකදී ද යන්න ක්‍රීඩකයින් හට අවබෝධ කර දීමයි.

ක්‍රීඩා ඇමති තුමනි,අපට දක්ෂ ක්‍රීඩකයින් නැතුවා නොවේ.නිවැරැදි නූතන තාක්ෂනික ක්‍රමවේද ඔස්සේ නිසි පුහුනුවක් හා වැඩ පිලිවෙලක් සැදෙන්නේ නම් අප ක්‍රීඩකයින් ලෝකය තුල ශ්‍රීලංකා නාමය ඉහලට ඔසවන විට එය ක්‍රිකට් වලට වඩා බෙහෙවින් විශාල වපසරියක් බව අපට දැනෙනු ඇත.

පාපන්දු ක්‍රීඩාව යලි ඉහලට ඔසවන්නට නම් පාපන්දු සම්මේලනයේ අදූරදර්ශි ක්‍රියා,වංචා,දූෂණ ,අනවශ්‍ය වියදම් සියල්ලම නවතා,පාසැල් පාපන්දු ක්‍රීඩාව දියුනු කර,දක්ෂ ක්‍රීඩකයින් හඳුනාගෙන ඔවුන් රැක බලාගෙන නිසි පුහුනුව දෙමින් හා නිසි ශාරිරික යෝග්‍යතාව තබා ගත යුතුය.

සම්මේලනයේ මුල්‍ය විනිව්දභාවය,අධීක්ෂණය හා විගනනය ඉතා විශිෂ්ඨ මට්ටමක පවත්වා ගත යුතුය.
එමෙන්ම යුරෝපයේ,සහ ඇමරිකාව ඇතුලු අනෙකුත් රටවල ශ්‍රීලාංකික ක්‍රීඩා සමාජ වල ක්‍රීඩා කල ක්‍රීඩකයින් සංවිධායකයින් යනාදී සැමගේ පලපුරුද්ද තුල ගොඩ නැගෙන අනුශාසකත්වය නිර්ලෝභීව ලබා ගත යුතුය. කොටින්ම කියතොත් විප්ලවීය වෙනසක් පාපන්දු ක්‍රීඩාව තුල සිදු කලොත් අපට සුදුසු තැන ලෝකය තුල අපට හිමිවනු ඇත.ඔබතුමා ඇතුලු පාපන්දු බලධාරීන් එතැනට අප පාපන්දු ක්‍රීඩාව රැගෙන යනු ඇතැයි අපි උපේක්ෂාවෙන් බලා සිටිමු.ඒ සඳහා ඔබට සුබ පතමු.

මා ලෙස්ලි ලෝව් ඉතාලියේ මිලානෝ සිට.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here