ලෝකෙටම කෑම බෙදෙන කටුනායක ගුවන්තොටේ කුස්සියත් යටවෙයි ?

0
100

 

airport 1air port 6මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ මුළුතැන් ගෙට  ආසන්නව මුළු පාලාතක්ම ජලයෙන් යටවි තිබේ.
මෙම ජලය ඉතා ඉක්මනින් බැසයාම සදහා කටුනායක නයිකන්ද පාලම මුතුවාඩිය පාලම කෝවින්න පාලම සීදූව මහ පාලම අසන්නයේ ඇති ජපන් ජබර කටුනායක පොලිසියේ ස්ථානාධිපති ප්‍රියන්ත ඒකනායක මහතාගේ සහයෝගයෙන් අමාත්‍ය සුදර්ශණි ප්‍රනාන්දූ පුල්ලේ මැතිණියගේ මැදිහත් විමෙන් ගුවන් හමුදා නිළධාරින් හාරසියක් පමණ සහභාගිත්වයෙන් මෙම ප්‍රදේශවල ඇති ජපන් ජබර් ඉවත් කරමින් ජලය ඉතා ඉක්මනින් බැස යාමට කියා කලේය
කටාන ආසනය තුල පමණක් පවුල් 1900 පමණ පුද්ගලයින් 7900ක්පමණ අවතැන්වි සිටින අතර මෙම සියළුම දෙනාම කදවුරු වශයෙන් නොසිටියත් මෙම සියළු දෙනාම නිවාස වල රැදි සිටින බැවින් ප්‍රදේශිය ලේකම් තුමා හරහා ග්‍රාමනිළධාරින් මාර්ගයෙන් තොරතුරු ලබාගෙන සියළුම අවතැන් පුද්ගලයින් පිසු ආහාර ඇතුළු සහනාධාර දීමට කටයුතු කර ඇති බව එම ස්ථානවල රැදී සිටි අමාත්‍ය සුදර්ශණි ප්‍රනාන්දූ පුල්ලේ මහත්මිය කියා සිටියේය3
පියපේම මානික්කරත්න