ලෝක ආහාර දිනය වෙනුවෙන් දැනුවත්කිරීමේ වැඩමුඵවක් …

0
118

DSC00723new

ආහාර ස්වෛරීත්වය ආරක්ෂා කර ගැනීම අරමුණු කරගනිමින් පසුගිය ඔක්තෝබර් 09 වැනි දිනට යෙදුණු ලෝක ආහාර දිනයට සමගාමීව මීගමුුව ශී‍්‍ර විමුක්ති ධීවර කාන්තා සංවිධානය විසින් සංවිධානය කෙරෙන වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් ලෙස මෙම වැඩමුඵව මීගමුව ජුබිලි ශාලවේදී පසුගිය ඔක්තෝබර් 11 වැනි දින පැවැත්විණි. ආහාර ස්වෛරීත්වය ආරක්ෂා කර ගැනීමට භූමියට ජලයට හා බීජ වලට ඇති ජනතා අයිතිය තහවුරු කර ගැනිමේ අවශ්‍යතාවය මෙම වැඩමු`ඵවේදී සාකච්ඡුාවට ලක් විය. ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ තරුණ කටයුතු සහ පාරිසරික අංශයේ සම්බන්ධීකාරක ප‍්‍රදීප් ලක්සිරි මහතා සහ ශී‍්‍ර විමුක්ති ධීවර කාන්තා සංවිධානයේ සභාපතිනී ශීරෝමී මහත්මියද මෙහිදී රැුස්ව සිටි පිරිස ඇමතූහ. එලෙසම මෙම වැඩමුඵව සදහා පිලිපීනයේ සිට පැමිණ සිටි ලීසා මහත්මිය විසින් එරට මැනිලා ඞී බේ නැමැති කලපුව සහ එම පරිශ‍්‍රය තුල මේ වන විට විවිධ ජාත්‍යන්තර බහු ජාතික සමාගම් මගින් කී‍්‍රයාත්මක කරන සහ එලෙස කි‍්‍රයාත්මක කිරීමට බලාපොරොත්තු වන ව්‍යාපෘතීන් ගනනාවක් නිසා එම කලපුව තුල තම ජීවිකාව කර ගෙන ගිය ධීවරයන් මේ වන විට මුහුණ දී ඇති අයහපත් තත්වය පිලිබදව විශේෂ ඉදිරිපත් කිරීමක් සිදු කලාය.
මෙම වැඩමුඵව සදහා ශී‍්‍ර විමුක්ති ධීවර කාන්තා සංවිධානයේ සාමාජිකාවන් සහ වෙනත් සංවිධාන නියෝජනය කරමින් ගිහි පැවදි විශාල පිරිසක් ද සහභාගී වුහ.
DSC00719newDSC00727nw

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here