ලෝක ළමා දිනයට, බන්දුල පේන්ට් සෙන්ටර් වෙතින් “” පෙපාස් ප්ලේ ඩේ  ක්ලේ ඩේ “”

0
338

 

ඔක්තෝබර් 01 වැනි දිනට යෙදුනු ලෝක ළමා දිනය නිමිත්තෙන් මීගමුව, බන්දුල පේන්ට් සෙන්ටර් කුඩා දරුවන් වෙනුවෙන් “පෙපාස් ප්ලේ ඩේ,  ක්ලේ ඩේ ( PEPA’S PLAY DAY, CLAY DAY ) නමින් වැඩසටහනක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
මෙම වැඩසටහන ඔක්තෝබර් 06 වැනි ඉරිදා දින සවස 4.00 සිට 6.00 දක්වා පුරා පැය 02 ක කාලයක් ,මීගමුව බන්දුල පේන්ට් සෙන්ටර් හී  පිහිටි වායු සමනය කළ ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ. වයස අවුරුදු  05 සිට 12 දක්වා වන දරුවනට මෙම  වැඩසටහට සහභාගි විය හැකිය.
මෙම සුවිශේෂී වැඩසටහන තුළින් දරුවන්ගේ මානසික සුව සහනය යහපත් ලෙස පවත්වා ගනිමින්  එලෙසම නිර්මාණාත්මකභාවය ද වර්ධනය කර ගනිමින්, සෞන්දර්යාත්මක විෂයන් වන සිතුවම් ඇඳීම, මැටි ආශ්‍රිතව විසිතුරු නිර්මාණකරණය  පිළිබඳව මනා දැනුවත්භාවයක් ලබා දේ. එලෙසම මෙම වැඩසටහන න්‍යායාත්මක දැනුම සහ විනෝදාත්මක ප්‍රායෝගික ක්‍රියාකාරකම් කිහපයකින් සමන්විත  වේ. වැඩසටහනේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා අවැසි වන සියලූම දේ  බන්දුල පෙන්ට් සෙන්ටර් වෙතින් ලබාදෙන අතර වැඩසටහන අතරතුර  සහභාගි වන සෑම දරුවෙකුටම සිසිල් බීම සංග්‍රහයක් ද ලබා දේ.
මේ සුවිශේෂී වැඩසටහනට ඔබේ දරුවන්ද සහභාගි කරවීමට ඔබ උනන්දුවක් දක්වන්නේ නම් සහ  එලෙසම  මෙම වැඩසටහන පිළිබඳව තවත් වැඩි විස්තර දැන ගැනීමට කැමති නම්, මීගමුව බන්දුල පේන්ට් සෙන්ටර් හී පහත සඳහන් වට්ස්ඇප් දුරකථන අංකයට  අදම  අමතන්න.

076 661 33 76 (whatsapp)

මෙම ප්‍රායෝගික ක්‍රියාකාරකම් අවසානයේ මෙම වැඩසටහනේ අවසන් අංගය ලෙස තෝරාගත් ළමා චිත්‍රපටයක් නැරඹීමටද  වැඩසටහන සඳහා සහභාගි වෙන කුඩා දරුවන්ට අවස්ථාව උදා වේ.

මේ  වැඩසටහනට ඔබේ කුඩා දරුවන්ද සහභාගි කරවීමට ඔබ උනන්දුවක් දක්වන්නේ නම් සහ  එලෙසම  මෙම වැඩසටහන පිළිබඳව තවත් වැඩි විස්තර දැන ගැනීමට කැමති නම්, මීගමුව බන්දුල පේන්ට් සෙන්ටර් හී පහත සඳහන් වට්ස්ඇප් දුරකථන අංකයට  අදම  අමතන්න..

076 661 33 76 (whatsapp)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here