වංචා දුෂණ නොකරන බවට ලේ පොරොන්දු දුන් ශ්‍රිලනිප මන්ත්‍රිලාගේ කෙළි මෙන්න..

0
444

ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ සංවිධායක ලලිත් ටෙන්සිල් මහතාගේ නායකත්වයෙන් මේ වසරේ ජනවාරි (02) සවස එම කාර්යාලයේදී පැවත්වුණ විශේෂ රැස්විමක් විය .
මීගමුව ඉතිහාසයේ මෙවන් රැස්විමක් කිසිදිනක පවත්වා තිබුනේ නැත.
මෙම අවස්ථාවට ආගමික නායකයන් හා පක්ෂයේ සාමාජික සාමාජිකාවන් සහභාගීව සිටියහ.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මීගමුව නගර සභාව වෙත තරග වදින අපේක්ෂක කණ්ඩායම අද එහිදී ඔවුන්ගේ මැතිවරණපොරොන්දු ලෙස මීගමුව ජනතාව වෙනුවෙන් පිරිසිදු දේශපාලනයක නිරත වන බවට ලේ වලින් ප්‍රතිඥ්ඥාවක් දෙන ලදී.

මෙසේ ලේ පොරොන්දු දුන් ශ්‍රිලනිප සෙට් එක පසුගිය කාලය තුල ලංසා පවුල වෙනුවෙන් පේවි කටයුතු කළ අන්දම මිගමුවේ අතිබහුතරයක් දෙනා දනි.

මේ අතර මේ දිනවල කි⁣ලිනොච්චියේ බන්ධනාගාරගතව සිට්න මුන්නක්ක⁣රය කොට්ටාශයේ හිටපු ශ්‍රිලනිප මන්ත්‍රි බෝට්ටු වලින් ඕස්ට්‍රේලියාවට යවන බව පවසා උතුරේ ජනයාගෙන් මුදල් වංචා කිරිම සම්බන්ධයෙන් චෝදනා එල්ලව ඇති හෙයින් දින 14ක බන්ධනාගාර ගතකරන ලෙසින් අධිකරණය නියෝග දි තිබුණි.

මෙසේ බන්ධනාගාරතව සිටින නිමල් ඩයස් යනු ලේ පොරොන්දු වැඩසටහන මෙහෙයවු ප්‍රධාන පුද්ගලයෙකි.