වත්තල හැදල ප්‍රදේශයේ පිහිටි ලාදුරු රෝහල යෝජිත නිරෝදායන මධ්‍යස්ථානයක් ලෙසින් යෝජනා කිරිමත් සමගින් එයට එරෙහිව නිමල් ලංසාගේද දායකත්වයෙන් ජනතා විරෝධයක් මතුවුන අතර ඇතැම් පියතුමන්ලාද එයට එක්ව තිබුණි.
එහෙත් මේ සියලු දෙනා විසින්ම සිදුකරන්නට යෙදුන මෙ විරෝධතාවය පදනම් විරහිත එකක් බව යලිත් වරක් තහවුරු කරමින් කාර්දිනල් හිමි විසින් මාධ්‍ය වෙත පසුගියදා ප්‍රකාශයක් ලබාදි තිබුනි.එහිදි කාර්දිනල් හිමි පවසා තිබුනේ ජනතාවගේ අනියත බිය තේරුම් ගන්නා නමුත් මේ ප්‍රශ්ණය නිවරදිව තේරුම් ගැනිමේ වැදගත් කම ගැනය.කාර්දිනල් හිමියන්ගේ මේ ප්‍රකාශයත් සමගින් තවත් තහවුරු වෙන ප්රබලතම කරුණක් වන්නේ ගරු පියතුමන්ලා දෙදෙනා කර ඇති ක්රියාවේ පදනම් විරහිත බව පිලිබදවය.
හැදල කලබලවෙලා උද්ඝෝෂණ කරපු අයට කාර්දිනල් හිමි දුන්න නියම උත්තරය(විඩියෝ )