වත්තල පොහොට්ටු ගැටුම ගැන මහින්ද ලංසාට දොස් කියයි ?

0
138

MRපසුගියදා වත්තල ප්‍රාදේශිය සභාවේ අයවැය පරාජය විම ගැන මතුව තිබුණ අර්බුදය ගැන කථා කිරිම සදහා වත්තල නීල් රූපසිංහ, නිමල් ලංසා මෙන්ම ප්‍රසන්න රණතුංගවද අගමැති මහින්ද රාජපක්ෂ විසින් කැදවා තිබුණි. ඒ විජේරාමේ පිහිටි සිය නිවස වෙතය.
මෙහිදි වත්තල අයවැය පරාජය විමට හේතුව විමසන ලදි.
එහිදි වත්තල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරුන් කියා තිබුනේ ලංසා ඇමතිවරයාට සම්බන්ධ මන්ත්‍රින් පිරිසක් අයවැයට විරුද්ධව ඡන්දය දිම නිසා මෙසේ අයවැය පරාජය වු බවය.
පසුව මහින්ද රාජපක්ෂ විසින් ලංසාට එසේ කිරිමට ඇති අයිතිය ගැන විමසන ලදි..
එහිදි කියැවි තිබුනේ ලංසා වත්තල ආසන සංවිධායක බවය.
එහිදි පෙරලා මහින්ද රාජපක්ෂ විසින් විමසා ඇත්තේ කව්ද ලංසට වත්තල සංවිධායක කම  දුන්නේ කියාය.
එවිට ප්‍රසන්න රණතුංග මැදිහත්වෙමින් කියා තිබුනේ ශ්‍රිලනිප වත්තල සංවිධායක වුයේ නිමල් ලංසා බවය.
එයට දැඩි ස්වරූපයෙන් පිළිතුරු දි තිබුණ අගමැති මහින්ද රාජපක්ෂ කියා තිබුනේ වත්තලට සංවිධායකලා පත්කර නැතැයි කියාය.නිමල් ලංසා වෙනුවෙන් කථාකිරිමට ගොස් ප්‍රසන්න රණතුංගද මේ අනුව අපහසුවතාවකට  පත්ව  තිබුණි.
අගැමති මහින්ද රාජපක්ෂ කියා තිබුනේ දි ඇත්තේ අධික්ෂණ මන්ත්‍රිධුරයක් පමණක් බවය.
අගමැතිවරයා නිමල් ලංසාගෙන් පෙරළා ප්‍රශ්ණයක්ද අසා තිබුණි.
ලංසා අධික්ෂණ මන්ත්‍රිධුරය කියන එක ගැන දන්නවද ?ද යනුවෙනි. පසුව ඔහු ඒ ගැනද පැහැදිලි කර තිබුණි.
මෙම හමුවේදි නීල් රුපසිංහ කියන්නේ කව්ද යන්න ගැනද අගමැති මහින්ද රාජපක්ෂ ලංසාට කියා දුන්නේය.
එදා සිට පක්ෂයේ අමාරුම අවස්ථාවලදිත් පක්ෂ රැකපු අයෙකු ලෙසින් ලංසාට නීල්ව හදුන්වා දි තිබුණි.තවදුරටත් විමසා සිටියේ නීල් රුපසිංහගේ නිවසේ පැවැත්වෙන  රැස්විම් වලට ලංසාට පැමිණිමට අවුලක් ඇතිදැයි කියාය.( පසුගිය කාලයේ නීල් රූපසිංහගේ නිවසේ පැවැති කණ්ඩායම් රැස්විම් වලට නිමල් ලංසා පැමිණ තිබුනේ නැත. ඒ වෙනුවට ඔහු ඇතැම් මන්ත්‍රිවරුන්ව වෙනත් තැන් වලට කැදවා රැස්විම් පවත්වා තිබුණි.)
ලංසාගේ පිළිතුර වුයේ නැ සර් මට යන්න පුලුවන් යැයි කියාය.
කෙසේ වෙතත් මේ දේශපාලන පාඩම නම් නිමල් ලංසාට ජිවිතේ ඇති තුරා අමතක නොවනු ඇත.