විනයගරුක රටක් පිළිබදව සිය දැක්ම පෙරට ගෙනඒමට සුදානම් යැයි කියු ජනපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඊයේ දිනයේ පත්කරන්නට යෙදුන කැබිනට් මණ්ඩලයේ සිටින ඇමතිවරුන් අතරින් වංචා දුෂණ චෝදනා නැති එකම ඇමති චමල් රාජපක්ෂදැයි විමසමින් මේ දිනවල සමාජ මාධ්‍යවල අගනා සටහන් තැබෙමින් තිබේ.මේ අතර වත්මන් ජනපති පසුගිය දිනක කියා තිබුනේ ජනපති විසින් කරන කියන දේවල් වලට අදාලව සත්‍ය තොරතුරු දැනගත හැක්කේ ජනපති මාධ්‍ය අංශය විසින් පළකරනු ලබන නිවේදන හරහා මෙන්ම ජනපතිගේ සමාජ මාධ්‍ය ඔස්සේ පමණක් බවය.එය නිවරදිය.එය එසේ විය යුතුය.එහෙත් චමල් පිළිබදව සමාජ මාධ්‍ය වල සිදුකරමින් ඇති චමල් රාජපක්ෂ පිලිබද සටහන් ජනපති ගෝඨාභය රාජපක්ෂ පවා පිළිගනු ඇතැයි අප විශ්වාස කරමු.