වත්මන් රජය බහුදින ධිවර කර්මාන්තයත් අනතුරේ හෙළයි ?

0
137

කොරෝනා වසංගත තත්වය හමුවේ දැවැන්ත අර්බුදයකට මුහුණ දි ඇති බහුදින ධිවර කර්මාන්තය පසුගිය කාලය පුරාම දිගින් දිගටම පාඩු ලබන තත්වයකට පත්ව තිබුණි.
ලක්ෂ 20 කට අධික මුදලක් එක් බහුදින ගමනට වැය කරන ධිවර ව්‍යාපාරිකයා විසින් අල්ලාගෙන එනු ලබන ටුනා මසුන් සදහා පසුගිය කාලය පුරාවටම නිසි මිළක් ලැබුනේ නැත.
මේ නිසාම කර්මාන්තය තුල දිනෙන් දිනම ගැටළු වැඩිවෙන්නට විය.
අල්ලාගෙන එන ටුනා කිලෝ එකකට ලැබෙන මිළ අඩුවෙමින් පැවතියද මසුන් ඇල්ලිම සදහා වන ප්‍රධාන යෙදවුම් වල මිළ දිනෙන් චින ඉහල යමින් තිබේ.


නිදසුනක් ලෙසින් ටුනා මසුන් ඇල්ලිම සදහා ඇමට භාවිතාකරනු ලබන වේක්ක මසුන් පවා විදේස් රටවලින් ලබාගැනිමට සිදුව ඇති අතර ඒවායේ මිළ ගණන්ද දැන් ඉහල ගොස් තිබේ.
තතු එසේව තිබියදි රජය විසින් ඉදිරියේදි ඉන්දිය ධිවරයන් සදහා ලංකා මුහුදු තීරය තුල මසුන් ඇල්ලිමට අවසර ලබාදිමට යාම හරහා බහුදින ධිවර කර්මාන්තය එහෙම පිටින් මරු කටට යාමට නියමිත බව බහුදින යාත්‍රා ධිවරයෝ පවසා සිටිති.