රෝහලේ කාර්ය මණ්ඩලය හෝ අදාල අනෙකුත් කොටස් අතර නිසි සංවාදයකින් තොරව රෝහලේ එක් වෛද්‍යවරයෙකුගේ උවමනාවට පමණක් ඉදිකෙරුණ මේ ගොඩනැගිල්ල විවෘත කිරිමේ උත්සවය ඔක් 12 වෙනිදාට යෙදි තිබුණි.
ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි..
මේ උත්සවය සංවිධානය කිරිම පිළිබදව පැවැති රෝහලේ වෛද්‍යවරුන්ගේ විශේෂ රැස්විමකදි පවා රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරුන්ගෙන් මතුව ආවේ දැනට ඉදිකරඇති රෝහලේ අඩුපාඩුය,එහිදි ඔවුන් ප්‍රධාන අවධානයක් යොමුකර තිබුනේ මේ ගොඩනැගිලි වලට ප්‍රමාණවත් වාතාශ්‍රයක් නොමැති නිසා එහි සේවය කිරිමට අපහසු බවය.එමෙන්ම රෝගින්ට එහි නේවාසිකව ප්‍රතිකාර ලබාගැනිමේදි මහත් දුෂ්කරතාවලට මුහුණ පාන්නට විය හැකි බවද එහිදි ඔවුන් පෙන්වා දි තිබුණි.
වෛද්‍යවරුන් විසින් පෙන්වා දුන් වාත්‍රශ්‍රය පිළිබදව ගැටළුව මෙම ගොඩනැගිල්ල විවෘත කළ දිනයේ ම එහි පැමිණ සිටි සැමට ඉතා හොදින් දැනගන්නට ලැබුනේ ඔවුන් එහි රැදි සිටි විනාඩි කිපයක කාලයක් තුලය,
ඒ එහි සංවිධානය කර තිබුණ සංග්‍රහය භුක්ති විදිම වෙනුවෙනි.
මීගමුව රෝහලේ වෛද්‍ය අධිකාරි චම්පා මහත්මිය පවා එහි සිටියේ තුන්මුනින්ම දාඩිය දමාගෙනය.
කෙසේ වෙතත් දැන් තත්වය උග්‍ර වෙමින් තිබේ.
රෝගිහු මැසිවිලි නගති. වෛද්‍යවරුන් දොස්නගති.
මේ සියල්ල වගකිම භාරගත යුත්තා වන්නේ තනිමතයට කටයුතු කළ ලමා වෛද්‍ය විශේෂඥ ලක්කුමාර මහතාය.
ඔහු දැන් ඩෙංගුව රොගින් සුව කිරිමට නම් ලෝක ප්‍රසිද්ධ බැව් කියැවේ.
එහෙත් අඩවියදම් ගොඩනැගිලි සදහා නම් ඔහුට ගමේ බාස් කෙනෙකුට තරම් වත් අත්දැකිමක් නැත,
මේ නිසා දැන් සිදුව ඇත්තේ මහත් වු බේචවාචකයකි.
විශාල හිස් බිමක් දැන් රෝහලට අහිමිය. එහි වාතාශ්‍රය නැති අඩුවියදම් තාවකාලික ගොඩනැගිලි 4 ක් නම් ඇත.