වතුකරයේ ජනතා හඬ සංවිධානය පළවෙනි සංවත්සරය සමරයි

0
49

මලෛයිහම් ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියාකාරීවන වතුකරයේ ජනතා හඩ සංවිධානය
ගාල්ල සහ මාතර සහ වෙනත් පළාත්වල ජීවත් වන  මෙම ජන කොට්ඨාශයේ ආන්තික කොටස් වල අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියාකාරී වන සංවිධානයකි. මේ වනවිට මෙම ජනතාවගේ උග්‍ර ප්‍රශ්නයක් වන ඉඩම් සහ අනන්‍යතාවය සම්බන්ධ ප්‍රශ්න වෙනුවෙන් හඬක් නැගීම සහ ඔවුන් සමග ක්‍රියාකාරී වෙමින් ඔවුන් සංවිධාන කිරීම වතුකරයේ ජනතා හඬ සංවිධානයේ අරමුණ බව මෙම සංවිධානය පවසයි. තම සංවිධානය ආරම්භකර වසරක් සපිරෙන මොහොතේදී ඒ වෙනුවෙන් පවත්වන ලද සමරු උත්සවයේදී සිය සංවිධානය පිහිටුවීමට මෙන්ම ඔවුන්ගේ ක්‍රියාමාර්ග ඉදිරියට ගෙනඒම සදහා සහයෝගය ලබාදුන් සියලූම පුද්ගලයන්ට සහ සංවිධාන වල එම සංවිධානයේ සහෝදරාත්මක ස්තූතිය පිරිනමන ලදී. මීගමුවේ විවිධ ආයතන වල සේවය කරන මලෛයිහම් ජනතාවගේ සේවක අයිතීන් සම්බන්ධයෙන්ද වතුකරයේ ජනතා හඩ සංවිධානය ක්‍රියාකාරීවේ.