එම සාකච්ඡාව සඳහා සහභාගී වී සිටි අතුරුදහන් වූ සුභමනියම් රාමචන්ද්‍රන් මාධ්‍යවේදීයාගේ පියා වේදිකාවට පැමිණ එක් ඉල්ලීමක් කරන ලදී.
එහිදී ඔහු කියා සිටියේ තමන්ට තමන්ගේ පුතා වෙනුවෙන් වන්දි අනවශ්‍ය බවත් , ඒ වෙනුවට තමන්ගේ පුතාට ඇත්ත වශයෙන්ම සිදුවුයේ කුමක්ද යන්න පිලිබඳව නිසි පිලිතුරක් තමන්ට අවශ්‍ය බවයි. තමන්ගේ පුතාගේ අතුරුදහන්විම පිළිබඳව සත්‍ය වශයෙන් සහතියක් ලබා දෙන ලෙසට ඔහු තවදුරටත් ඉල්ලා සිටියේය.