වන්දි කමිටුවේ නිර්දේශ වලට ධිවරයන්ගේ විරෝධය

0
54

ගිනිගත් නැව නිසා ධිවරයන්ට සිදුව ඇති පාඩුව , හානිය වෙනුවෙන් ගෙවිමට නියමිතව ඇති අතුරු වන්දිය දැනටම ගණනය කර ඇති ආකාරය ඉතාමත් ආසාධාරණ යැයි ධිවර සංවිධාන කියා සිටිති.
ඔවුන් මේ බව කියා සිටියේ ඊයේ මිගමුව ඒත්තුකාල ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකදිය.
රජය විසින් පත්කරන්නට යෙදුන වන්දි නිර්දේශ කමිටුවේ සංයුතිය ගැනද බරපතල විවේචනයක් මෙහිදි ධිවර සංවිධාන නියෝජිතයන් විසින් මතුකර තිබුණි.
රජයේ මෙම වන්දි කමිටුවේ කතෝලික පියතුමන්ලා තිදෙනෙකි. ඉන් එක් අයෙකු මාදැල් සංමයේ සභාපති වන ගියෝම් නෝනිස් නැමති පියතුමෙකි.
ධිවර සංවිධාන වලින් යැයි කියා පත්කරගනෙ ඇත්තේ රජය විසින් අටවා ගත් ධිවර සංවිධානයක ධිවරයෙකුද නොවන අයෙකු බව ඔවුන් කියා සිටිති.
සුළු පරිමාණ ධිවරයන්ට එරෙහිව මෙම වන්දි කමිටුව විසින් මාදැල් හිමියන්ට රු 600000 ක්ද , දැනට විනාශ පන්න ක්‍රමයක් සේ සැලකෙන බොටම් ට්‍රොලින් සදහා රු 80000 ක්ද වශයෙන් විශාල මුදලක් නිර්දේශ කර ඇති අතරේ කලපු ධිවරයන්ට රු 15000 කි. තෙප්පම් ධිවරයන්ට රු 15000 කි. එමෙන්ම පොඩි බෝට්ටු ධිවරයන්ට රු 20000 කි.
මෙම ඉතාමත් ආසාධාරණ වන්දි ක්‍රමය තමන් පිළිගන්නට සුදානම් නැති බවත් මෙය වෙනස් කිරිමට අදාල බලධාරින් කටයුතු කළ යුතු බවත් ඔවුන් මෙම මාධ්‍ය හමුවේදි අවධාරණය කර සිටියහ.