වන්ෂොට් , පනා සහ කුරණ අසරණයෝ

1
196

දොස්තර පනාවැන්න පහුගිය දවස්වල අපේ වෙබ් අඩවිය විසින් කරපු හෙළිදරව් කිරිම් හින්ද බුදු අපස්ට් වුනා.මලපැන්නා.ඒ හින්ද අපේ වෙබ් අඩවියට මඩගහන්න පටන් ගත්තා.කාටවත් මඩගහන එක අපේ පත්තර කලාව නෙමේ.නමුත් වෛද්‍ය පනාවැන්න මහත්තයා වැරැද්දකුත් කරලා විදුරුගෙදරක ඉදන් අපට ගල් ගහන්න පටන් අරන්. ඒ ගල් අපි ඒ පැත්තට ආයේ විසිකරපුහම තවත් විදුරු බිදෙනව.

අපි දැන් මේ ලෑස්ති වෙන්නේ  දොස්තර විභාගේ පාස් කලත් පනා  කොහොමද කුරණ  නුගත් මිනිස්සුන්ව බිල්ලට දුන්නේ කියන එක මතු කරන්න.මේව ගැන අද හෙටම මේ සමාජේට උත්තර දෙන්න මීගමුවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි තුමන් කටයුතු කරයි කියලයි අපි හිතන් ඉන්නේ.

අපි දන්නව පානාවැන්නගේ ආරෝග්‍යා මෙඩිකල් සෙන්ටර් එක ලෙඩ්ඩුන්ගෙන් පිරිල තිබුනේ. හේතුව තමයි වන්ෂොට්. කව්ද මේ වන්ෂොට් කියන්නේ .එයා තමයි පනාගේ වෙද කඩේ භාර දිල තිබුන චරිෙත.ඉතින් එයා තමන් දන්න ශිල්ප ඔකකෝම දාල දෙන බේත් වලින් එක සැරෙන්ම ලෙඩේ හරි යනවා. මේ හින්දම බුදු සතුටින් ඉපිල ගිය සමහර කුරණ අසරණයෝ හිතුවේ මේ  දොස්තර නම්  අපට හම්බ වෙච්ච දෙයියෙක් කියල.ඇයි දෙවෙනි පාර බේත් ගන්න එන්න ඕනේ නෑ.

ඒ හින්ද ලෙඩා මළත් මොකෝ බඩ සුද්ද නම් කියල කුරණ අයත් පොලිමේ ආවේ එයාගෙන් බේත් ගන්න.නමුත් එයාගේ බේත් තුණ්ඩු කියවපු  අය දන්නව ඒ දිල තියෙන බේත්වල තියෙන ආදිනව.

කැස්සට සෙමට වගේ නම් කමක් නෑ. ඒත් දියවැඩියාව අධික රැධිර පිඩනය වගේ ලෙඩ ව්තරක් නෙමෙයි පොඩි අයට උනත් දිගටම මේ බේත් ගන්න වුනා නම් මොකද වෙන්නේ කියල පනාම දන්නවා ඒත් මිනිහ ඒව කියන්නේ නෑ.

අපි එක උදාහරණයක් කියන්නම්කෝ නැතිනම් පනා හිතනවා පනාගේ වෙද කඩේ බිස්නස් කඩන්න ඕනේ හින්ද අපි ඒ අවට දොස්තරලගෙන් පගාව අරන් මාධ්‍ය කලාව කරනව කියල.

ඔන්න කුරණ පැත්තේ උන්නා මනුස්සයෙක් එයා දියවැඩියා කාරයෙක් . මෙයා බේත් ගත්තේ පනාගේ කඩෙන් .නමුත්  ලෙඩේ සුව නෑ. නිතරම පිපාසෙ එනවා තවත් අමාරු  ගොඩක් . ඉතින් තත්වය නරක අතට හැරුන හින්ද එයා ගියා මේ පැත්තේ ඉන්නේ හොදම දොස්තර මහත්තය ගාවට .

සුරේශ් මහත්තයාට විස්තරේ කියල  පනාගේ කඩෙන් ගත්තු බේත් තුණ්ඩු එහෙමත් පෙන්නුවා.එතකොට කව්ද මේව දුන්නේ කියල  සුරේශ් මහත්තයා ඇහැව්වා. ලෙඩා කිව්වා කඩේ ගැන . පස්සේ සුරේශ් මහත්තයා ලෙඩාට පැහැදිලි කරල දුන්න එයාෙග් දියවැඩියාව හොද වෙන්නේ නැත්තේ ඇයි කියල කියල දැන් ගන්න බේත් හින්ද තත්වය බරපතල වෙලා තියෙන්නේ කොහොමද කියල එතකොට තමයි මේ අසරණයට තේරුනේ.

ඒ කියන්නේ වන්ෂොට්ගේ වෙදකමේ දිග පලල තමයි ඒ. මේවා ගැන අද මීගමුවේ දොස්තර මහත්තුරු  නිතර කථා වෙනවා.දන්න අය කියල තිබුනේ පොඩි ළමයින්ව එහෙම ගෙනියන්න එපා කියල.

මේ හැම දෙයක්ම දැනගෙනත් පනා නෙමේ කඩේ වහන්න කල්පනා කළේ.  එතකොට පනාගේ ගාන අඩුවෙනවනේ .දරුවව ත්‍රිවිල් එකේ ඉස්කොලේ යවන කාලේ ත්‍රිවිල් ඩ්‍රයිවර්ල කියපු හින්දම පනා කාර් එකක් ගත්තා දැන් ඉතින් ඒව නඩත්තු කරගෙන යන්නත් ඕනනේ.

ඉතින් කොහොමෙයි කඩේ වහන්නේ.අනේ මේවයේ දිග පළල  නොදන්න කුරණ අසරණ මෝඩ මිනිස්සුන්ගේ ජිවිත බිල්ලට දිල වෙද කඩේ දිගටම ඇදන් ගියාට අපේ මේ  හෙළිදරව් කිරිම් හින්ද වැඩේ කොටඋඩ ගියා.ඒ හින්ද කඩේ හිටපු ලියාපදිංචි නැති දොස්-තර මේ දවස්වල ටිකක් එහාට මෙහාට කරල තියෙන්නේ. ගම්මුන්ට කියල තියෙන්නේ එයා උදේ වරුවේ ඉගෙන ගන්න යනවා කියල.

දැන් මේ කඩේ උදේට ඉන්නේ පනා . නමුත්  සෙනග නැ.

පනා සල්ලි වලට ආදරේ වුණාට  අපි කුරණ සමාජ අවබෝධයක් නැති අසරණ මිනිස්සුන්ගේ  මෝඩ කම් ගැන දුකයි.

 

1 COMMENT

  1. කුරන හොර කඩය ගැන පමනක් කියන්නේ එයින් කප්පම් නොලැබෙන නිසා නොවේයිද…? නැතහොත් කිසිම සුදුසුකමක් නැති අනෙක් හොර දොස්තරලා කරන්නේ සමාජ සේවයක් නිසාද…? ගබ්සා මද්යස්තාන වලින් සමාජ සේවය නිසාද…?වන්ශොට් ට නැත්තේ ලියාපදිංචිවීමේ අංකය පමනි.හොර දොස්තරලාට ඇත්තේ කප්පම් ගෙවීමේ හැකියව හැර කුමන සුදුසු කමක්ද…? තුන් රෝද සංගමයේ ඉල්ලීමපිටය, මා වාහනයක් ගත්තේ….එබැවින් එහි බරපැන ගෙවීම ජනතාව සතුය..තුන් රොද රියක යෑම මට මදිකමක් නොවේ…(එංගලන්තයේ අගමැතිවරුන්ද ටxඉ වල යයීමට රෝද හතරක පමනක් යාමේ හීනමානයක් නැත.තවද මානසික රෝගීන් මීපුර තුල නැතැයි කීමට මීපුරට හැකිද..?කුඩාකලසිට මල නොපැනීමේ රෝගයක් මට නැත…අපක්ශපාතී යැයි කියාගන්නා මීපුර රනිල්ට ලං වී ඇත්තේ මලනොපැනීමේ රෝගයට ප්‍රතිකාර ගැනීමටද…?වැල්ලේ සමගියෙන් මාලු විකුනන අන්තෝනිලාගෙන් ඉගෙනගනීමට බොහෝකරුනු පබිස්ලිලාට ඇත.

Comments are closed.