වඳුරු පුරුදු සහ පැහැර හැරෙන වගකීම් නිසා සිදුවන පරිසරය දූෂණය ..

0
352
IMG 20211103 WA0004


මේ කටාන ප්‍රාදේශීය සභාවට අයිති ප්‍රධාන ඇලකි. මෙය සම්බන්ධ වන්නේ මීගමුව මහ නගරසභාවට අයිති ප්‍රධාන ඇලක් වන දෙපා ඇලටය. මේ දිස්වන්නේ නොමනා මිනිස් ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයයි.
අතට ගත් බීම බෝතලය හෝ ප්ලාස්ටික් කෑම බඳුන කා බී අවසන් කොට තමන් යන වාහනයේ සිටම පාරට විසිකර දමන ආකාරයේ දසුන් අප ඕනෑ තරම් දැක ඇත්තෙමු. මේවා ඇලකට හෝ කානුවකට වැටී අවසන කලපුවට හෝ මුහුදට ගොස් නතරවේ. මීට අමතරව විශාල වශයෙන් කර්මාන්තශාලා , මස්කඩ, රෝහල් වල ආදී වශයෙන් අපද්‍රව්‍ය විශාල වශයෙන් ඉහතකී පරිදි ඇල මාර්ග හරහා මුදා හරින බවද අසන්නට ලැබේ.
මේ සමහර ඇලවල් විවිධ පැලෑටි වර්ග වලින් වැසී යාම නිසා ඇලක් හෝ කානුවක් සේ හඳුනා ගත නොහැකි තත්ත්වයට පත්වී ඇත. එබැවින් ඉහතකී සියළු අපද්‍රව්‍ය ඇල මාර්ග වල රැඳී පවතී.

IMG 20211103 WA0005


ගැටළුව වන්නේ මේවා මෙසේ සිදුවෙද්දී ඉහත සඳහන් කළ ජනතාව නියෝජනය කරන සභාවල වගකිව යුත්තෝ මේවා ගැන කිසිදු සැළකිල්ලකින් කටයුතු නොකිරීමයි . තම තමන් තීරණය කරන සමහර අනවශ්‍ය දේ සඳහා රජයේ මුදල් කාබාසිනියා කරන මේ අයට පොදු ජනතාවට බලපාන මෙවැනි ප්‍රශ්ණ විසඳා ගැනීමේදී මුදල් ප්‍රතිපාදන නැත .
කෙසේ නමුත් මෙහිදී කිවයුතු කාරණය වන්නේ මිනිස්සු ඉහත දැක්වූ තමන්ගේ වඳුරු ගති තේරුම් ගතයුතු අතර පාලකයෝ තමන්ගේ වගකීම් නිසියාකාරව තේරුම් ගතයුතු බවයි.

සැම්සන් ඥානසිරි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here