වයඹ අන්තර් මළල ක්‍රීඩා උළෙලේ දක්ෂතා

0
79
ක්‍රීඩා 1
වයඹ පළාත් සහකාර ක්‍රීඩා අධ්‍යක්ෂකතුමිය අතින් බාලිකා ශුරතාව ලබාගන්නා කුරුණෑගල මලියදේවී බාලිකා විදුහලේ ශීෂ්‍යාවන්.
ක්‍රීඩා 2
වයඹ පළාත් ක්‍රීඩා අධක්ෂක එම්.කේ.එම්. රාජතිලක,හලාවත කලාප ක්‍රීඩා අධ්‍යක්ෂක,අජිත් අධිකාරී යන මහත්වරුන් බාලක ශූරතාවය ජෝශප්වාස් විද්‍යාලයේ ශිෂ්‍යන් විසින් ලබාගන්නා අවස්ථාව

පසුගියදා වෙන්නප්පුව ඇල්බට් ඇෆ් ක්‍රීඩාගනයේ පැවැති වයඹ පළාත් අන්තර් පාසල් ජවන හා පිටිය  මළල ක්‍රීඩා උළෙල අවසන් වූයේ සමස්ත බාලක ශූරාවය වෙන්/ජෝශප් වාස් විද්‍යාලය හා සමස්ත බාලිකා ශූරතාවය කුරු/ මලියදේව විදුහට ද ලබාගනිමිනි. මෙහි සමස්ත කලාප ශූරතාවය හලාවත අධ්‍යාපන කලාපය විසින් දිනා ගන්නා ලදී.
වයස අවුරුදු 15න් පහළ බාලක දක්ෂතම ක්‍රීඩකයා –  එම්.ඩබ්.මහේෂ් මනිල්ක ( තල්දෙක ශාන්ත රීටා විදුහල )
දක්ෂතම ක්‍රීඩිකාව  එස්.එස්.පී.සමරතුංග – ( මලියදේව බාලිකා විදුහල)
වයස අවුරුදු 17න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව – එම්.සී.එම්.තලතාපිටිය (මලියදේව බාලිකා විදුහල)
දක්ෂතම ක්‍රීඩකයා – ඩබ්.ඒ.චතුර ෂෙනාන් – (කුලියාපිටිය මැද විදුහල)
වස අවු/19න් පහළ දක්ෂතම ක්‍රීඩකයා – එම්.කේ.ග්‍රේෂන් ධනංජය – (ජෝශප්වාස් විදුහල)
දක්ෂත ක්‍රීඩිකාව -එස්.එම්. මධුෂානි – (කුලියාපිටිය මැද විදුහල)

ඡායා – චන්දන ප්‍රනාන්දු