වයඹ ඉජිනේරු අධ්‍යක්ෂකවරියගේ හැදි මිටේ පරිපාලනය??

0
290

wen lake 2වයඹ පළාත් සටන දැන් දිගහැරෙන්නට පටන් ගෙනය. ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේද පළාත් සභා අපේක්ෂකයන් දැන් සිට ම තාප්පවල එල්ලි සිනාසෙන්නට පටන්ගෙනය.
මේ මුහුණු දකින විට  වැඩියෙන් හිනා යන්නේ ඒ තාප්ප පෝස්ටරවල ලියා ඇති වැකි කියවන කල්හිය.
මේ කෙසේ වෙතත් දැන් මාස ගණනක් පුරා වෙන්නප්පුෙව් වැවේ කොටසක් පුරවාගෙන සිය පුද්ගලික ප්‍රයෝජන සදහා යොදාගැනිමට වලිකන ව්‍යාපාරිකයෙකු සහ ඔහුට අතදිගහැර සහය පළකරන ප්‍රදේශයේ දේශපාලකයන් ගැනත් මේ අනිතික කටයුත්ත ගැන මීක් නොගාන විපක්ෂයේ වයඹ පළාත් සභා වීරයන් ගැනත් අප දිගින් දිගටම හෙළි කළෙමු.
නිති ප්‍රකාර නම් මේ වැවේ ඉදිකර ඇති බැම්ම කඩා ඉවත් කරගතයුතුව තිබුනද ඒ වෙනුවෙන් වු කිසිදු නියෝගයක් අද වන තුරුත් ගණන් නොගන්නට මේ අනිල් නැමැති ව්‍යාපාරිකයාට ඇති හයිය කුමක්ද??
මේම කඩා ඉවත් කිරිම සදහා අවසන් නියෝගය ලැබෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයෙනි.මේ ඉදිකිරිම අනවසර වුවත් එය මහින්ද චින්තයට එකඟ යැයි කියන්නේ වැවේ පාලනය පිළිබදව කිසිදු අයිතියක් නැති වයඹ ඉජිනේරු අධ්‍යක්ෂකවරියයි. අැගේ පරිපාලන පරිචය හැදි මිටේ තරමට කුඩා වි තිබෙන අයුරු ඊයේ රටට පෙන්වා සිටියේ සිරස රූපවාහිනි පුවත් වලනි.
මේ අවනඩුව රටට ට හෙළි කර සිටියදිත් වෙන්නප්පුව ප්‍රාදේශිය සභාපතිවරයා තවමත් අනිල් නැමැත්තාව ආරක්ෂා කිරිමෙන් පෙනියන්නේ වැවකටත්, ජන්දායකයන්ටත් වඩා  අනිල් කොතරම් නම් සුසන්නතට වටිනවාදැයි යන්නයි.

 

http://www.youtube.com/watch?v=dCAKmt7bXrE