වයඹ එජාප මන්ත්‍රි පැළද සිටි පවුම් 110 ක රන් ආභරණ ප්‍රා.සභාපති බලෙන් අරන් ?

0
44

මාවතගම ප්‍රාදේශීය සභාවේ සභාපති උපුල් පෙරේරා මහතා විසින් තමාට පහරදී ගෙළ පැළද සිටි පවුම් 40 ක් බරැති රන් මාලය ඇතු`ඵ රුපියල් ලක්ෂ 60 කට අධික වටිනාකමකින් යුත් රන් ආභරණ තොගයක් මංකොල්ල කෑ බව පවසමින් වයඹ පළාත් සභා මන්ත්‍රී එම්. එස්. පෙරේරා මහතා (එ. ජා. ප.) පෙරේදා (23 දා) මාවතගම පොලිසියට පැමිණිල්ලක් කළේය.
මාවතගම මැතිවරණ කොට්ඨාශයේ එක්සත් ජාතික පක්ෂ නව ආසන සංවිධායකවරයා ලෙස පත්කෙරුණු වයඹ පළාත් සභාවේ විපක්ෂ නායක ෙජ්. සී. අලවතුවල මහතා පිළිගැනීම වෙනුවෙන් පසුගිය 21 වැනිදා පැවැති රිය පෙරහැරකට තමා සහභාගී වූ බවත්, මාවතගම, බරන්දන හන්දියට රැස්වී සිටි කඩු , පොලූ සහ වැලි බෝතල්වලින් සන්නද්ධ වී සිටි උපුල් පෙරේරා මහතා ඇතු`ඵ පිරිසක් විසින් කුරුණෑගල – නුවර මාර්ගය ප්‍රධාන අවහිර කර එම පෙරහැර නැවැත් වූ බවත් එම්. එස්. පෙරේරා මහතා මාවතගම පොලිසියට කළ පැමිණිල්ලෙහි දැක් වේ.
පසුව එම පිරිස විසින් රිය පෙරහැරේ පැමිණි වාහනවලට පහරදෙන්නට වූ බවත් , තමා සිටි වාහනය අසලට පැමිණි උපුල් පෙරේරා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඉන්දික යන අයව`ඵන් විසින් තමා වාහනයෙන් පිටතට ගෙන පහර දුන් බවත් , එසේ පහර දෙන අතරතුරදී තමා පැ`ළද සිටි රන් ආභරණ සියල්ලම ඔවුන් විසින් ගලවා ගත් බවද එහි වැඩිදුරටත් දැක්වෙයි. තමා පැළ`ද සිටි පවුම් 40 ක් බරුති රන් මාලයක් , පවුම් 10 ක් බරැති රන් පෙන්ඩනයක්, පවුම් 50 ක් බරැති බ්‍රේස්ලට් එකක් සහ පවුම් 10 ක් බරැති නවරත්න මුද්දක් සභාපතිවරයා විසින් මෙලෙස පැහැරගත් බවට එම්. එස්. පෙරේරා මහතා පොලිසියට පැමිණිලි කර තිබේ.
මේ පිළිබදව කළ විමසීමකදී , එම්. එස්. පෙරේරා මහතාගේ පැමිණිල්ලට අනුව සභාපති උපුල් පෙරේරා මහතා අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇතත් ඔහු දිගින් දිගටම පොලිසිය ම`ගහරිමින් සැ`ගවී සිටින බව මාවතගම පොලිසියේ උසස් නිලධාරියෙකු පැවසීය.
ජානක බලල්ල