වයඹ ගුරු හිඟය ගැන දයාසිරි නොකියන කතා

0
276

දයාසිරි

‘පුත්තලම් දිස්ත්‍රික්කයේ ගුරු ඌනතාවයක් සහ අතිරික්තයක් තියනවා. නිවැරදි තොරතුරු අමාත්‍යංශයට නොලැබෙන නිසා විසඳුම් දෙන්නත් ප්‍රමාද වෙනවා යැයි වයඹ ප්‍රධාන අමාත්‍ය නීතීඥ දයාසිරි ජයසේකර මහතා ජුනි 26 වනදා පැවති රැස්වීමකදී පවසන ලදී. මෙම රැස්වීම පැවැත්වූයේ   2013 වසරේ ලංකාවේ ප්‍රථම වතාවට වයඹ පළාත මගින් ආරම්භ කල  වයඹ පළාත් කලාප හා කොට්ඨාශ  අධ්‍යාපන කාර්යාල අතර කාර්ය සාධන තරඟාවලියේ තිලිණ ප්‍රධානය කිරීමේ උත්සවයට සහභාගී වෙමිණි.
මෙහිදී අමාත්‍යවරයා විසින් පුත්තලම් දිස්ත්‍රික්කයේ 172 කපමණ ගුරු හිඟයක් තිබෙන බව පිළිගන්නා අතර මෙම ගුරු තුලනය කිරීමට නොහැකි හේතුව ලෙස ඉදිරිපත් කරන්නේ තොරතුරු මදිකම පිිළිබද ගැටළුවකි. නමුත් වයඹ අධ්‍යාපන ක්ෂේත්‍රෙය් කවුරුත් දන්නා සත්‍ය වන්නේ පුත්තලමට වඩා වැඩිපුර ගුරුවරුන් සිටින්නේ කුරුණෑගල බවයි.
අනෙක් කාරණය වන්නේ ප්‍රධාන පෙළේ නිලධාරීන්ගේ බිරින්දෑවරුන් ද සිටින්නේ නගර ආසන්න විදුහල්වල වීම තවත් හේතුවකි. ඒවා තනිකරම දේශාලන අතගැසීම් මත සිදුවන ක්‍රියාවන්වේ.  එමෙන්ම අවුරුදු 06කින් ලබාදෙන මාරුවීම් බාරගන්නට අකමැති ගුරුවරුන් කෙසේ හෝ දේශපාලන  උදව් මත නැවතත් එම විදුහලටම පත්වීම ලබාගන්නට කටයුතු කර ගන්නා බව නොරහසකි.   ගුරුවරුන්ගේ මාරුවීම් සම්බන්ධයෙන් ඇතිකරගෙන තිබෙන ගුරුමාරු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට කිසිසේත්ම  හැකියාවක් නොමැත්තේ මේ දේශපාලන අතගැසීම්  හේතුවෙනි.  මෙම හේතුව  නිසා අවුරුදු 20 කාලයක සිට පවා මාරුවීම් නොලැබ එකම විදුහලේ සිටින ගුරුවරුන් සිටිති. මේ සියල්ල සිදුවන්නේ දේශපාලන ගැතිකම් හා ඉහළ පෙලේ නිලධාරීන්ගේ හය්ය අරගෙන වැඩ කරන ගුරුවරුන් නිසාවෙනි. නමුත් වයඹ ප්‍රධාන අමාත්‍යවරයා මේ කිසිවක්  නොදන්නා සේ පුත්තලම් දිස්ත්‍රිකකයේ ගුරු හිගය සමනය කළ නොහැක්කේ නිසි පරිදි තොරතුරු නැති නිසා බව පවසයි.  එමෙන්ම ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකරගේ ද දේශපාලන උදව් ඇතිව සිය මාරුවීම් අහෝසිකරගත් ගුරුවරුන් වයඹ නම් කීයක්  සිටිනවාද ?

(දයාසිරි ජයසේකර )
‘‘ පුත්තලම් දිස්ත්‍රික්කයේ ගුරු ඌනතාවයක් සහ අතිරික්තයක් තියනවා. නිවැරදි තොරතුරු අමාත්‍යංශයට නොලැබෙන නිසා විසඳුම් දෙන්නත් ප්‍රමාද වෙනවා. ගුරු තුළනය කලොත් පුරප්පාඩු 100 ටත් අඩු සංඛ්‍යාවක් තමයි තියෙන්නේ. පුත්තලම් දිස්ත්‍රික්කයේ ගුරුවරු 172 ක අතිරික්තයක් තියනවා. නිලධාරීන් නැවත තොරතුරු එවන විට ක්‍රමානුකූලව එවන ලෙසට කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ”