වයඹ නළවන ‘වැඩිහිටි සුපර් ස්ටාර්ලා.!!

0
78

වයඹ පළාත් සමාජ සුබසාධන අමාත්‍යංශය විසින් වයඹ පළාතේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් සංවිධානය කළ ‘වයඹ වැඩිහිටි සුපිරි තරුව ’ගායන තර`ගයේ අවසන් මහා තරගය  (ඔක් 30) පස්වරුවේ වයඹ පළාත් සභා ශ‍්‍රවණාගාරයේදී පැවැත්විමට නියමිතව තිබුණි.

වයඹ පළාත තුළ වෙසෙන වැඩිහිටියන් දස දහසකට අධික පිරිසක් මෙම තර`ගාවලිය සදහා ඉදිරිපත් වී සිටි අතර වයඹ පළාත පුරා පිහිටි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 40 ක් නියෝජනය කරමින් මෙම වැඩිහිටියන් මෙහි මූලික තරගවලට සහභාගී වූහ. තරග වට 05 ක් පැවැත්වීමෙන් අනතුරුව අද පැවැත්වෙන අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා සිටින සිටින තරගකරුවන් පස්දෙනෙකු සහ තරගකාරිනියන් පස්දෙනෙකු සුදුසුකම් ලබා සිටිති.

‘වයඹ වැඩිහිටි සුපිරි තරුව ’ගායන තරගයේ අවසන් තරගකරුවන් සහ තරගකාරිනියන් මෙසේය.
wadihiti_super_star801. එච්ජින් කරුණාරත්න මහත්මිය – මාවතගම
02. පර්ල් විජේවික‍්‍රම මහත්මිය – දුම්මලසූරිය
03. හේමමාලා මාරසිංහ මහත්මිය – නාත්තන්ඩිය
04. සුජාතා දිසානායක මහත්මිය – හොරොම්බාව
05. ජේ. ඒ. ආරියරත්න මහත්මිය – බමුණාකොටුව
06. හයිසින්ත් ෆොන්සේකා මහතා – පුත්තලම
07. පී. එම්. රංබණ්ඩා මහතා – මහව
08. පේ‍්‍රමතිලක රාජසිංහ මහතා – හලාවත
09. හර්මන් ප‍්‍රනාන්දු මහතා – පබ්බල
10. ඊ. ජී. ආරියරත්න මහතා – අලව්ව

‘වයඹ වැඩිහිටි සුපිරි තරුව ’අවසන් මහා තරගයේ විනිශ්චය මණ්ඩලය ලෙස සංගීත් නිපුන් සනත් නන්දසිරි, විශාරද එඞ්වඞ් ජයකොඩි සහ විශාරද රූපා ඉන්දුමතී යන මහත් මහත්මීහු කටයුතු කරති.

වයඹ පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යක්ෂ කමල් අමරසිංහ මහතාගේ මූලිකත්වයෙන් සංවිධානය කළ මෙම ගායන තරගාවලියේ පුහුණු කිරීම් සිදුකරනු ලැබුවේ වයඹ පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (සංගීත ) සමන් ගුණවර්ධන, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ නිමල් ජයකොඩි සහ ගුරු උපදේශක උපාලි වීරරත්න යන මහත්වරුන් විසිනි.

‘වයඹ වැඩිහිටි සුපිරි තරුව ’අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ තරගකරුවන් තරගකාරිනියන් ඊයේ සිය අවසන් පුහුණුවීම්වල යෙදී සිටි අයුරු ඡායාරූපවලින් දැක්වෙයි.