වසර 20කට ආසන්න කාලයක් මැක්සීස් ආයතනයේ සත්ව අපද්‍රව්‍ය මෙම නලය හරහා ගිං ඔයේ අතු ගංගාවට මුදාහළ අතර මෙය නවත්වා දැමීමට වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ පරිසර අංශයට නොහැකිවූයේ මේවාට ඉහළින් බලවත් හස්තයන් ක්‍රියාත්මක වූ නිසාය. එමෙන්ම මුදල් වලට මේ සියල්ල යට ගැසූ නිසාය.
එසේ යට ගැසුණ මෙම පරිසර විනාශය මෙපමණ කාලයක් ඉකුත්වූ පසුත් සම්පූර්ණයෙන් නවත්වා සිදුකර ඇති පරිසර විනාශය සම්බන්ධයෙන් මැක්සීස් ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගතයුතව තිබියදී වයඹ පළාත් පරිසර අධිකාරිය විසින් ගෙන ඇති ප්‍රාථමික තීරණයෙන් පෙනී යන්නේ ඔවුන් තවත් සහනයක් මැක්සි හවුස් ආයතනයට ලබාදී ඇති බවයි.
වෙන්නප්පුව නයිනමඩම යන ප්‍රදේශ වල ගිං ඔයට අපද්‍රව්‍ය මුදාහරින සියලූම කර්මාන්ත ශාලා සහ හෝටල් ඇති අතර ඒවාට එරෙහිව තවමත් පරිසර නීතිය ක්‍රියාත්මක වන පාටක් පෙනෙන්නට නැත.
ඡායාරූප – චන්දන ප්‍රනාන්දු