වයඹ විපක්ෂ නායකකමට සජිත්වාදියෙකු ගෙන එ්මේ සැලැස්මක්??

0
82

sajiyඑජාපය තවත් වටයකින් අර්බුදයට යවමින් රාජපක්ෂ රෙජිමයේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන සජිත් ප්‍රේමදාසගේ මිළග සැලැස්ම සිය අනුගාමිකයෙකු වයඹ පළාත් සභාවේ විපක්ෂ නායක ධුරයට ගෙනඒම යැයි එජාපයේ පුත්තලම් දිස්ත්‍රික් ක්‍රියාධරයෙකු මිපුරට පවසා සිටියේය.
වයඹ එජාප  පාක්ෂිකයන් වාර්තා කරන අන්දමට මේ වනවිට පුත්තලම් දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබාගනිමින් එජාපයෙන් පත්වූ හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයා ෙ වයඹ පළාත් සභාවේ විපක්ෂ නායකකම ලබාගැනීමට කිසියම් පිරිසක් යම් උත්සාහයක යෙදී සිටින බව ද  වාර්තාවේ.
සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂග්‍රාහීව කටයුතු කළ පුද්ගලයෙකු ලෙස ප්‍රකට  හෙක්ටර් අප්පුහාමි මහතා නාත්තන්ඩිය එජාප සංවිධායක ලෙස ද කටයුුුතු කරයි.