වයඹ විපක්ෂ නායක, චිත්‍රාල් බ්‍රිතාන්‍ය මැතිවරණ නීරීක්ෂණයේ

0
55

බ්‍රිතාන්‍ය කොන්සර්වේටිව් පක්ෂයේ නිල ආරාධනයක් මත බ්‍රිතාන්‍ය 2017 මහ මැතිවරණයේ නිරීක්ෂණ අධ්‍යනයක් සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වයඹ පලාත් සභා මන්ත්‍රී නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතා සහභාගී වී සිටිනවා.  පහත පළවන්නේ  ඔහු  ඒ සම්බන්ධයෙන්
සිය  Facebook පිටුවේ පළකර ඇති සටහනයි.  19030485_1534408826631733_7476282220270679421_n

”ඊයේ මධ්‍යම රාත්‍රියේ ලන්ඩන් කැම්ඩ්න් ඡන්දය ගණන්  කිරීමේ මධ්‍යස්ථානයේදී”

බ්‍රිතාන්‍ය කොන්සර්වේටිව් පක්ෂයේ  නිල ආරාධනයක් මත 2017 මහ මැතිවරණයේ නිරීක්ශන අධ්‍යනයක් සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහබාගී වන්නට අවස්ථාව ලැබුනා. මැතිවරණය අවසන් වන තුරු ඒ සම්බන්ධව සමාජ මාධ්‍යයන්හි පල කිරීම නීති විරෝධී වන නිසයි අද උදෑසන මෙය පල වන්නේ.

කෙසේ නමුත් ඊයේ ඡන්දය ගණන්  කිරීම ආරම්භ කිරීමටත් ප්‍රථමයෙන් අගමැති තෙරේසා මේ විසින් හදිසි මැතිවරණයක් කැදවීමට ගත් තීරණය ශ්‍රී ලංකාවේ 2015 ජනාදිපතිවරණය පැවැත්වීමට ගත් තීරණය තරමටම වැරදි බවට මත පල වුනා. වැඩි ආසන ප්‍රමාණයක් ලබා ගත්තත් ඇයගේ ජනප්‍රියතාවය ගැන කල අධිතක්සේරුවේ හැටියට බහුතරය ලබා ගැනීමට ඇයට නොහැකි වුනා. ඒ අනුව යුරෝපීය සංගමයෙන් වෙන් වීමේ සාකච්ඡ ආරම්භ වීමට දින 14 තිබියදී මෑත කාලයේ බ්‍රිතාන්‍ය දේශපාලනයේ බරපතලම අර්බුදයට මුහුණ දීමට ඇයට සිදුවී තිබෙනවා.