මේ අතර විශේෂයෙන්ම වෙන්නප්පුව සහ නාත්තන්ඩිය වෙනුවෙන් එජාපයෙන් නාමයෝජනා බලාපොරොත්තුවෙන් සැලකිය යුතු පිරිසක් සිය ප්රචාරක කටයුතු විශාල වියදම් දරමින් මුදාහැර තිබේ.
මතුව ඇති දැඩි තරගකාරිත්වය නිසාම එකිනෙකා පරයමින් ප්රචාරක කටයුතු වල නියැලිමට අමතරව අනෙකා වෙත ඇති සුදුසුකම් අඩු යැයි කියන්නට හේතු සෙවිමක්ද මේ දිනවල මේ සියල්ලෝ එකිනෙකා පරයමින් සිදුකරමින් සිටිති.
විශේෂයෙන්ම පසුගිය කාලය තුල පක්ෂ නායකත්වයට එරෙහිව යමින් විවිධ විනය විරෝධි ක්රියාවල නියැලුන සජිත්වාදින්ට නාමයෝජනා නොදිය යුතුය යන මතයක ඇතැම් එජාප ඉපැරණි ක්රියාධරයන් සිටින බවද සැලය.
මේ විරෝධතා ඉදිරි දින කිපය තුලදි විවිධ මුහුණුවරයන් ගණිමින් මතුවිමට නියමිතව ඇත.