වයස අවුරුදු 11 ක දරුවෙකු ගෙල වැලළාගෙන මියයයි ?

0
81

34348645492_9d37644308_b
මෙම දරුවා කටාන , කෝන්ගොඩමුල්ල , පිටිය මුල්ල ප්‍රදේශයේ වන අතර ඉගෙනනුම ලැබුවේ මීගමුව, ප්‍රකට කතෝලික  පාසැලකය.
එසේම ඒ පවුලේ දෙමව්පියන්ට  සිටි දෙවන දරුවාද විය.
ඊයේ (15) නිවසේ කිසිවෙකු නැති අවස්ථාවක් බලා රාත්‍රි 7-8 ත් අතර කාලයේදී මෙම මරණය සිදු කරගෙ ඇති බව සැලය.

මෙවැනි අවාසනාවන්ත සිදුවීම් සිදුවන පළමු වතාව මෙය නොවේ.
දරුවන් මුහුණ දෙන ප්‍රශ්ණ පිළිබඳව මීට වඩා අවධානයෙන් සිටිය යුතුය යන පණිවිඩය  මේ සිදුවීම් මගින් සමාජය වෙත ලබාදී ඇත
මෙය දරුවෙකු ගතකරන සුන්දරම අවදියයි .
නමුත් එම සුන්දර අවස්ථාව මේ දරුවන්ට අහිමි වී ඇත .
දරුවන්ට සිය කෙලිලොල් විය අහිමි කරවන තරමටම ටියුෂන් ඇතුළු තවත් බොහෝ දේ වෙයි.
මේ සියල්ල විසින් උදුරාගනු ලබන්නේ දරුවන්ගේ ඒ බාල වයසේ වන කෙලිලොල් බවයි.
සියල්ල එපාවී සියදිවි නසා ගැනීමේ තත්වයට දරුවන් පත්වූයේ කෙසේද යන්න සමාජය ඉදිරියේ ඇති බරපතල ප්‍රශ්ණයකි. මෙම තත්වයට අද මේ දරුවා මුහුණ දුන්නා සේම මීට පෙර තවත් දරුවන්ද මුහුණ දුන් ආකාරය අපි දැක්කෙමු . තවත් ඉදිරියට සමාජයක් ලෙස මේ තත්වය අවබෝධ කර නොගතහොත් තත්වය මීටවඩා බරපතල විය හැක. ඒනිසා මෙම ප්‍රශ්ණය පුද්ගලිකව මෙන්ම සමාජයක් ලෙසද අවබෝධ කර ගනිමින් ක්‍රියාත්මක විය යුතුව ඇත .