වයින් වලින් පියයුරු පිළිකා අවධානම ඉහල යනවාද?..

0
101

wineglass-half-full-empty-blogsize

වයින් වීදුරු භාගයක් හෝ බියර් සුළු ප්‍රමාණයක් දිනපතා ලබාගන්නා කාන්තාවන්ට පියයුරු පිළිකා වැලදීමේ අවධානම ඉහල බව නවතම සමීක්ෂණයකින් හෙලිවී තිබෙනවා. ලෝක පිළිකා පර්යේෂණ අරමුදල ( World Cancer Research Fund (WCRF)) හා පිළිකා පර්යේෂණ සඳහා ඇමරිකානු ආයතනය (American Institute for Cancer Research (AICR)එක්ව සිදුකල සමීක්ෂණයකිනුයි මේ බව හෙලිවී ඇත්තේ.

ඒ අනුව වයින් වීදුරු භාගයක් හෝ බියර් සුළු ප්‍රමාණයක් දිනකට ලබගන්නා කාන්තාවකට ආර්තවහරණයට පෙර පියයුරු පිළිකාවක් වැලදීමේ හැකියාව 5%කින් හා ආර්ථවහරණයට පසු වැලදෙන පිළිකා ඇතිවීමේ අවධානම 9%කින් ඉහල යන බවයි හෙලවී ඇත්තේ. කෙසේ නමුත් සමබල ආහාර ලබාගැනීම,ව්‍යායාම කිරීම,ශරීරයේ බර පාලනය සහ ලබාගන්නා අැල්කොහොල් ප්‍රමාණය අවම කිරීම තුලින් පියයුරු පිළිකා වැලදීමේ හැකියාව අඩුවනු ඇති. මේ අනුව දිවීම හා බයිසිකල් පැදීම වැනි ව්‍යායාම වල නිරතවන කාන්තාවන්ට පියයුරු පිළිකා වැදලීමේ අවදානම 17%කින් පමණ පහල යන බවත් මේ සමීක්ෂණ වාර්ථාවේ සදහන්. එලෙසම විශේෂයෙන් මව්කිරි දීම මගිනුත් පිළිකා වැලදීමේ අවධානම අඩුවනවා.

පියයුරු පිළිකා වැලදීම කෙරෙහි ආහාරවල බලපෑම පැහැදිලි කරමින් මේ සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙන්නේ පිෂ්ඨය නැති ගෝවා, නිවිති වැනි එලවළු ආහාරයට ගැනීම මගින් ,ප්‍රතිකාර කිරීමට අපහසු පිළිකා තත්වයක් වන oestrogen-receptor (ER) negative breast cancer නමි පිළිකා තත්වය ඇතිවීමේ අවදානම අඩුවන බවත්, කැරටිනොයිඩ්ස් අඩංගු කැරට්,නිවිති,බතග,තක්කාලි වැනි දේ ආහාරයට ගැනීමෙන්ද පිළිකා ඇතිවීමේ අවධානම අඩුවන බවයි.