මේ ඡායාරූප තුළ ඇති සිදුවීම් දෙකම ඊයේ (25) සහ සිදුවූ බරපතල අපරාධ දෙකකි. එය සතෙකුට සිදුවූවා කියා කිසිසේත් සුළුකොට තැකිය නොහැක. පිහියකින් කැපූ විට දැනෙන වේදනාව සතෙකුට හෝ මිනිසෙකුට වෙනස් විය නොහැක. මිනිසෙකුට නම් එය පවසා හෝ ඊට මුහුණදිමට ශක්තියක් උපදවාගත හැක. නමුත් වීදියේ සිටින සතෙකු කාට කියන්නද? ඔවුන්ට සිදුවන්නේ කාණුවට වැටි වේදනා විඳ මියයන්නටය. මෙය ශිෂ්ට සම්පන්න සමාජයකට දරන්නට නොහැකි දෙයකි. නමුත් දෛනික මේ ආකාරයට සත්ව හිංසා අසන්නට ලැබෙයි. සත්ව අයිතිවාසිකම් වෙනුවෙන් හඬනඟන සංවිධාන සත්ව හිංසනය වැලැක්වීම සදහා ශක්තිමත් පනතක් සකස් කර එය සම්මත කරගැනීමට උත්සාහා දරමින් සිටී. එම උත්සාහය ප්‍රගතශීලීය. නමුත් ශ්‍රී ලංකාව තුළ මේ ආකරයට සතුන්ට පමනක් නොව මිනිසුන් අතර පවා බරපතල අපරාධ සිදුවන්නේ ඇයිද කියන කාරණය සරලව විසදිය හැක්කක් නොවන බව නම් පැහැදිලිය. ලංකාව තුළ මිනිසුන් අතුරුදහන්කරවිම වරදක් ලෙස ලංකාවේ නිතිය තුළට හඳුන්වා දුන්නේ ද ඉතාම මෑතකදීය. ඒ වෙනුවෙන් මානව හිමිකම් සංවිධාන වලට වසර ගණනාවක් දේශීය මෙන්ම ජාත්‍යන්තරවද අරගලයක් කරන්නට සිදුවිය. ඒ වගේම යුද්ධයේදී හා 89,71 යන දේශපාලන කැරලි වලදී අතුරුදහන්කරවන ලද පුද්ගලයින්ගේ ඥාතීන්ට ඒ පිලිබදව පැමිණිලි සහ තොරතුරු ලබාදීම වෙනුවෙන් කාර්යාලයක් පිහිටවූයේද දැනට ගිය වසරේදීය. ඒ යුද්ධය අවසන් වී වසර 09ක් පසුවූ පසුවය.
හිංසාවන් සම්බන්ධව මුලු ලෝකයම එකඟවි ඇති සම්මුතින් වලට අප වැනි රටවල් එකගවීමේ ක්‍රියාවලිය මන්දගාමීවීම මෙන්ම සමහර අවස්ථා වලදී බලයේ සිටින දේශපාලන පක්ෂ වල දේශපාලන න්‍යාය පත්‍ර සමග බැදී පවති. ඔවුන්ට ජන්ද බලය ලබාගැනීමට තිබෙන්නාවූ වාසිය අවාසිය මත පදනම්ව මෙවැනි තීරණ ගැනීම ලංකාවේ පැවති සෑම රජයක්ම අනුගමනය කළ සිද්ධාන්තයකි. නීතිමය ප්‍රතිසංස්කරණ හා සංශෝධන අවශ්‍ය ස්ත්‍රී දූෂණ, ස්ත්‍රීන්ට හිංසාකිරිම්, ළමා අපචාර, සත්ව හිංසා, වැනි වැනි විෂයන් වලදී සිය පටු දේශපාලන න්‍යාය පත්‍රයට යට නොවී තීරණ ගැනීමේ දේශපාලන සංස්කෘතියක් ලංකාවේ තවමත් ක්‍රියාත්මක නොවේ. අප වසර 30 ක යුද්ධයක් පසුකළ සමාජයකි. යුද මානසිකත්වය , යුද ජයග්‍රහන තමන්ගේ දේශපාලනයට හය්කාරකමක් ලෙස යොදවා ගන්නා පාලකයින් තවමත් අපව පාලනය කරයි. යුද්ධය තුළ වුවත් තමන්ගේම රටේ දෙමළ සිවිල් පුරවැසියන් ඝාතනය කරන විට එය නොදැක්කා සේ සිටි සමාජයකි. එමෙන්ම යුද්ධයේදී බාරවුනා යැයි කියූ දරුවන් මේ වනවිට මේ ලෝකේ නෑ කියූ ජනාධිපතිවරයෙකු යටතේ ජීවත්විමට බහුතර කැමත්ත පළ කළ ජනතාවක් සිටින රටකි. නැවත එවන් අපරාධ සිදුනොවන්න වගවීමේ ක්‍රියාවලිය තිබුණා ද , ඒ කුමක් දැයි හෝ අසා ඉගෙන ගැනීමටත්වත් උවමනාවක් නොමැති සමාජයකි. වේදනා වීඳීමේදී ජාතිය අනුව ආගම අනුව වෙන් වෙන්ව දැනෙනවා යැයි සිතන සමාජයකි.
‘ දෙමළාට , මුසල්මානුවට තැලුවාට කම් නැත අපි මහා ජාතිය නේ කියා ‘ සිතන සමාජයකි. ඒසේ නම් සතුන් ගැන කවර කතා ද?
දැන් මේ අලුතෙන් සත්ව අයිතිවාසිකම් පනත සම්මත කරගන්නට හදන්නේද සිවිල් ජනතාව අතුරුදහන්කරවිම සහ මාධ්ය්‍්‍වේදීන්ය ඝාතනය වු සමයක ආරක්ෂක ලේකම් ව සිටි පුද්ගලයෙකු ගෙනි. කමක් නැත කෙසේ හෝ එය ලැබෙනවා නම් සතුන් වෙනුවෙන් එය යහපතකි. නමුත් සමාජය තුළ සතුන් වෙනුවෙන් ස්ත්‍රීන් වෙනුවෙන්, දුර්වලයින් වෙනුවෙන්, අනෙක් ජාතීන් වෙනුවෙන් ගරුකළ යුතුය යන සිතුවිල්ල පොදු සමාජ සම්මතයකට ගෙන ඒමට නම් රාජ්‍ය තුළ විශාල වෙනස්කමක් සිදුවන්නට අවශ්‍ය ය. නීතිමය වශයෙන් ප්‍රතිසංස්කරණ ගෙන ඒමට අවශ්‍යය. බලයේ සිටින්නා තමන්ට ඕනෑ දෙයක් කළ හැකි යැයි සිතා ක්‍රියාත්මක වන කැලෑ නීතිය අවසන් කරන තත්ත්වයක් ඇති කළ යුතුය. බදුල්ල පොළේදී ඊයේ වූ සිදුවීම දෙස සියුම්ව බලන විට ඔහු තුළද ඒකාධිපතියෙකු සිටින බව නොහැගේ ද? මේ සිදුවීම ගැන ලැබී ඇති ප්‍රතිචාර වල තිබෙන්නේ ඔහුට සාප වැටේවා,කොරෝනා හැදියන්, වැනි වස් කවිය. නමුත් මොහුට මෙම මුග්ධකම ලැබුණේ කෙසේද යන්න ගැන අප සමාජයක් ලෙස කල්පනාකිරීම වටී. අප වසර ගාණක් මනුෂ්‍ය ඝාතන ඉවසා සිටි සමාජයකි. ඒ නිසා මේ මුග්ධකම ඔහුට හෝ කුලියාපිටියේ සුනඛ ඝාතකයාට හදිසියේ ලැබුණ මුග්ධකමක් නොවේ. මෙය සමාජය ක්‍රමය තුළ වර්ධනය වන්නට ඉඩහැර ඇති මුග්ධකමකි. එය එසේ වුවත් මනුෂයා තුළ පවතින තිරිසන්කම එක්තරා දුරකට ජන සම්මතයට නීතියට ,මාධ්‍යයට , නිවරදි දේශපාලන සදාචාරයකට පාලනය කළ හැක. අවාසනාව වන්නේ ලංකාව තුල කොපමණ නිර් දේශපාලන උවමනාවන් තිබුණත් එය අවසානයේ ජාතිවාදයට,වර්ගවාදයට හෝ ආගම්වාදයට සේවය කිරීමයි. එසේ නොවන උත්සාහයන් තිබේ නම් එය අතේ ඇගි ගානටත් අඩුවෙනි. ලංකාවේ සත්වයින්ටද නිදහස ලැබෙන්නේ අප වර්ගවාදයෙන් නිදහස්ව අවිහිංසාවාදීන් වූ දිනකය.
පහත දැක්වෙන සිදුවීම් වල තොරතුරු සහ ඡායාරූප මුහුණ පොතේ සමාජ මාධ්‍යෙයන් උපුටා ගන්නා ලදී.
සොභාදහම අප වන් පවුකාරන්ගෙන් නඩු අසනා
මේ වන් වෙලාවක…
බදුල්ල පොලේදී කරවල කෑල්ලක් හොරෙන් කෑවා යැයි කියා මෙන්න මේ පාපතර මිනිසා
ඇදිරිනීතිය නිසා කුසගින්නේම සිට් අහිංසක
අසරණ බව්වාට පිහියෙන් ඇන
මරා දමා තිබෙනවා…
මුලු රැයක් පුරා බෝක්කුවක් අස්සෙ වේදනාවෙන් හැංගී උන්නා අහිංසකය..
කාරුනික පුතුන් දෙදෙනෙක් අසරණයා
සොයාගන වෛද්ය ප්රතිකාර වෙත අරන්
ගියත් ශල්යකර්මය අතරතුර අසරණයා
ලොවට සමු දී තියෙනවා..
අති දුර්ජන වූ මිනිසුනි….
මේ මිහිතලය තොපට පමනක් හිමි
වූවක් නොවේ..
එහි සැබෑ අයිතිකාරුවෝ සොභාදහමේ
මහා මැවුම වූ සතා සීපාවා හා ගහට
කොළටය..
තොප දිනෙන් දින කරන්නා වූ මේ මහා
සොභාදම් සංහාරය නිසා අපටනම් ඉතින්
ගැලවීමක්ම නැත…
මොකා පව් කලත් අප සියල්ලෝම එහි
දඩුවම් විදිය යුත්තෝය…
මොකද අපි සියල්ලෝම පව්කාරවූ මිනිසුන්
වූ නිසාය…
පාපතර මිනිසානෙනි…
මේ භවයේ මෙන්ම සසර දිගටම ගෙවාපම්
අහිංසක අසරණයාට කුසගින්නට ලබා
දුන් පාපතර දඩුවමට…😥
කවදාවත් තිරිසන් ආත්මයක් ලබා මිනිස්සු ඉන්න ලෝකෙටනම් එන්න එපා
පුතේ ආයෙ කවදාවත්
—— චම්පි ——-
දෙවන සිදුවීම
ජසින්තා නිර්මලී.