තම වෘත්තියට බලපාන සංවේදි කලාපයන්ගෙන් බැහැරව පමණක් වරාය නගරය සදහා වැලි හැරිය යුතුය යන කරුණ පදනම් කරගෙන ඊයේ දිනයේ මුහුදේදි කෙරුණු විශේෂ නිරික්ෂණ චාරිකාව පදනම් කර ගත් විශේෂ රැස්විමක් අද දවල් චම්පික ඇමතිවරයා හා සමගින් පැවැත්විමට නියමිත බව මේ 6 වන දිනයටත් සත්යග්රහයක නිරතව සිටින ධීවරයෝ මීපුර වෙබ් අඩවිය අමතා කියා සිටියහ.
අද පවතින සාකච්ඡාව තීරාණාත්මක බවත් එහිදි ඇතිවන එකඟතා ලිඛිතවම ලබාගැනිමට තමන් බලාපොරොත්තුවන බවත් ධිවර ක්රියාකාරිහු කියා සිටිති.