වරාය නගරය ඉදිවෙයි !මෝරවල නැතිවෙයි !

0
399

IMG-20160506-WA0010මෝර වල කියන්නේ මීගමුවේ දූව ප්‍රදේශයේ මුහුදේ පිහිටි ගල්පර වලින් වටවුණු ස්වාභාවික පිහිණුම් තාටාකයක් වැනි වු ඉතාමත් සුන්දර තැනක්.
අතීතයේදි මෝරුන් රෑන් පිටින් පැටවුන් බිහිකිරිම සදහා මේ ස්ථානයට පැමිණ ඇති නිසා මේ තැනට ධීවරයන් මෝර වල කියන්න පටන් අරන් තියෙනවා.
මුහුදේ වලාල කාලයට මෙතන හරිම සුන්දරයි .හරියට ස්වාභාවික පිහිණුම් තාටාකයක් වගේ . පොඩිඋන්ට උනත් බයක් සැකක් නැතිව පාඩුවේ නාන්න කියපු අපුරුම තැන.
ඒතරම්ම සුන්දරයි .
හැබැයි දැන් සියළු සුන්දරත්වයන් විනාශය කරගෙන මෝරවල විනාශ වෙන්න පටන් අරන් .
හේතුව ඒ පැත්තම  දරුණු මුහුදු ඛාදනයකට ලක්වෙලා.
ගෙවල් තාප්ප විතරක් නෙමේ ලස්සනට මෝරවලට අසිරිය එක්කළ කුඩා ගල්පර පවා දැන් විනාශ වෙන්න පටන් අරන්.
මේකට හේතුව හැටියට ඒ අවට ධීවරයා් කියන්නේ වරාය නගරය හදන්න මුහුදුන් වැලි ගැනිමේ ප්‍රතිඵලයක් කියලා .
ඒ වගේම එයාල තවත් බරපතල චෝදනාවකුත් කරනවා .
ඒ තමයි රජය වැලි හාරනවා කියන කිතුණු සභාවට පොරොන්දු උනේ  ඈත මුහුදෙන් . නමුත් ඇත්තට නැව් තුනකින් මේ වැලි  පොම්ප කිරිම කරල තියෙන්නේ කිව්ව විදියට වෙරළින් ඇතින් නෙමේ .
ඒ හින්ද තමයි අද මෝරවලත් ඒ අවට ජනජීවිතයත් එහෙම පිටින්ම උගුල්ලා දමමින් මුහුද දරුණ විදියට ගොඩබිම ආක්‍රමණය කරමින් තියෙන්නේ .
මේ සිදුවිය හැකි විනාශයන් කල් ඇතිවම දැකපු ධීවරයෝ මේකට එරෙහිව මිගමුවේ පාරවල් වහල අරගල කළා. පස්සේ පල්ලිය මැදිහත්වෙලා ආණ්ඩවත් එකක් සමාදාන ගිවිසුමකට ඇවිත් ධිවර අරගල නවත්තල දානව.
එකේ ප්‍රතිඵලයක් හැටියට කතෝලික පල්ලියට චීනය අතදිගහැරල උදව් කරනවා . තේවත්ත පල්ලිය හදන්න උදව් කරනවා.
අනිත් පැත්තේන් අරගල කරපු ධිවරය සංවිධානයනල කෝටි ගණන් සල්ලි දිල නිහඩ කරනවා.
වැල්ලවීදිය ඒකාබද්ධ සංවිධනයට විතරක් ලක්ෂ 400 කට වැඩි මුදලක් චීන ආධාර වලින් ලැබෙනවා.

ඡායාරූප- තිළිණ චමත් චාරුක පෙරේරා –

දැන් බලන්න අද මෝරවලට සහ ඒ අවට මොකද වෙමින් තියෙන්නේ කියල ….