දිල්ශාන් ක්රිෂාන්ත තිසේරා /
මීගමුව වැල්ලවීදිය ප්රදේශයේ පිහිටි මුත්තුමාරි අම්මාන් කෝවිල අවුරුදු 200 ඉතිහාසයකට හිමිකම් කියයි. කෝවිල ආරම්භයේදි කුඩා පැලපතක් සදා ත්රිෂූලයක් ගෙන එහි තබා වන්දනාමාන කර ඇත.
එවකට ඉන්දියාවෙන් මෙරටට පැමිනි සෙට්ටි කුලයට අයත් මිනිසුන් විසින් මෙම පැල්පත් සාදා ඇති අයගෙන් අවසර ඇතිව විශාල කෝවිලක් දක්වා නැංවීමට දායක වී ඇත.
මෙය පැවැත්වෙන්නේ නව රාත්රී උත්සව කාලයේදි දින 10 විශේෂ පුජාවන් පවත්වා අවසාන දිනයේදි වේල් කරත්ත දෙකකින් මුත්තුමාරි අම්මාන් මෑණියන් හා කතරගම දෙවියන් රැගත් පෙරහැර මීගමුව පුරා වීදී සංචාරය කරමිනි.
පුජාවට්ටි ගෙන මුත්තුමාරි අම්මාන් මැණියන් සිහිකර වැදීම් කටයුතු කරමින් තම ස්තූතිය පුද කරනු ලබයි.

මීගමුවේ හින්දු බැතිමතුන් විසින් මෙම කෝවිලේ මෙම වේල් උත්සවය උත්සවශ්රියෙන් සමරනු ලබයි.
ඊටත් පෙර මෙහි එක් සොහොන් කොතක් වුහ. ඒ වැල්ලවීදිය ප්රදේශයේ වසංගත රෝගයක් සැඳී පොඩි දරුවෙක් මියගොස් ඇති අතර එම සිරුර මිහිදන් කර තිබේන්නේ කොහොඹ ගහක් යටයි. පසු කාලීනව මෙම කොත වැලලී ගොස් ඇත.ඒ නිසාම වසංගත රෝග වැළදුනු අය මේ දේවාලයට ඇවිත් අම්බාල් දේවතාවන්ගේන් තිරූනීරු, තීරත්තම්,වේපිලෙයිහල් යනාදිය ලබාගෙන තමන්ගේ ලෙඩ රෝග සුවවෙනවා යන විශ්වාසයක් හින්දු භක්තිකයා තුල තිබී ඇත.


මුත්තුමාරි අම්මාන් කෝවිල,
මුත්තුමාරි අම්මාන් කෝවිලේ, කළමණාකාර තුමා, මුරුගාපූපති තියාගිරාජන් චෙට්ටියාර් මහතා වන අතර එහි පුසාරි මහතා, ආර්.ජාගේස්වර සර්මා මහතා වේ.
විමසීම් – කළමනාකාර – දු.අ. 078 8830754
සටහන සහ ඡායාරූප
දිල්ශාන් ක්රිෂාන්ත තිසේරා /dchrishshantha@gmail.com /
https://www.facebook.com/dilshan.thisera1?fref=ts&ref=br_tf
[…] […]