වසරකට පසු පාලකයන්ට මොළය පෑදීම!

0
134

වත්මන් කොවිඩ් මර්දන වැඩපිළිවෙල සම්බන්ධව ක්ෂණික තීරණ ගැනීම සඳහා වු COVID – 19 විශේෂ ක්‍රියාකාරී කාර්යය සාධන කමිටුව අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

මෙහිදී ප්‍රධාන තීරණ කිහිපයකට එළඹුණු අතර කොවිඩ් 19 වෛරසය ආසාදනය වන ආසාදිතයින්ට පදිංචි ආසන්නතම ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට සහ අතරමැදි මධ්‍යස්ථාන වලට යොමු කරමින් ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට තීරණය කරන ලදී. යම් කෙනෙකු ආසාදිතයෙකු වු විට ඔහුට සහ ඔහුගේ පවුල් වලට බලපාන දැඩි මානසික පීඩනය පිළිබඳව අවධානය යොමු කිරීමෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විසින් කමිටුවේ දී මෙම තීරණය කරන ගන්නා ලදී.

සැබැවින්ම රජය මුල සිටම අනුගමනය කළ යුතු ක්‍රමය මෙය විය යුතුව තිබුණද ඔවුන් කළේ කිලෝ මිටර් 300 කටත් එහා තැන්වලට ඔවුන්ව යැවිමය.
මේ දිනවල සමාජ මාධ්‍ය අතර හුවාමරු වන අවාසනාවන්ත මරණයක් ගැන බැලිමේදි පවා ඒ රෝගියාවට සැතපුම් සිය ගණනකටත් එහාන් වු පුනානි වෙත යවා තිබුණි