වසර 200කට වඩා පැරණි අසල්වැසි පුස්තකාලය…

0
111

බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පයට අනුව 1905දී නිර්මාණය වූ රත් පැහැති ගොඩනැගිල්ලක  දිය ඇල්ලක් මෙන් සිවිලිමේ සිට පොලව සිප ගනිමින්  දිය ඇල්ලක් මෙන් ඇද හැලෙන අවුරුදු 150 – 300ත් අතර අතීතයකට දිවෙන පොත් 55000ක් පමණ ඇති මෙම සුවිශේෂ විශේෂ පුස්තකාලය පිහිටා ඇත්තේ ඉන්දියාවේයි. එ් අතීතයේදී මැඩ්‍රාස් ලෙස හැදින්වූ වර්ථමානයේ චෙන්නායි ලෙස හදුන්වන නගරයේ මධ්‍යයේ.

වසර 1812 දී East India Company නම් සමාගමක් විසින් ආරම්භ කරල ලද මෙම පුස්තකාලයට මේ වන විට වසර 204කි. එකී සමාගම විසින් මෙම පුස්තකාලය ආරම්භ කර ඇත්තේ එම සමාගමේ සේවකයන්හට පරිපාලනය, නීතිය ,භාෂාව වැනි විශයන් ඉගැන්වීමේ අරමුණින්.නමුත් මේ වන විට එ පුස්තකාලය ලොව පුරා විශාල පිරිසකගේ අවදානමක් දිනාගනිමින් වසර 204ක් පුරා ජනතාවට දැනුම බෙදා දෙමින් සිටිනවා.

මෙම පුස්තකාලයේ ඇති පැරණිතම පොත් අතරින් වඩාත් වැදගත් පොතක් වන්නේ 1729දී සර් අයිසැක් නිව්ටන් විසින් රචනා කර ඇති “Naturalis Principia Mathematica ( The Mathematical Principles of Natural Philosophy)” .1898 දී බ්‍රිතාන්‍ය ජාතික නිලධාරියෙතු විසින් රචිත “The History of Buckingham Canal” ග්‍රන්ථයත් මෙම පොත් අතර පවතිනවා.

කෙසේ වෙතත් හරිහැටි සංරක්ෂණය නොකිරීම නිසා මේ වන විටත් විශාල වටිනා ග්‍රන්ථයන් ප්‍රමාණයක් විනාශ වී ඇති අතර තවත් ග්‍රන්ථ ප්‍රමාණයක් විනාශ වෙමින් පවතිනවා. එම සංරක්ෂණ කටයුතු ඉටු කිරීමට ප්‍රමාණවත් තරම් මුදල් නොමැතිවීම හා කාර්‍යමණ්ඩලයේ ඇති අඩුපාඩුව නිසා මෙසේ පොත් සංරක්ෂණය කිරීමේ කටයුතු පමා වී තිබෙනවා. නමුත් මේ වන විට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ තරුණ පිරිසක් මෙම පුස්තකාලය මෙන්ම එහි පොත් පත් සංරක්ෂණය කිරීමට ඉදිරිපත් වී තිබෙනවා. ඒ නිසාවෙන්ම මෙම වසර 200කටත් වඩා පැරණි පුස්තකාලය ඉදිරියටත් සුරක්ෂිතව පවතිනු ඇති බවට බලාපොරොත්තු තැබිය හැකි වනු ඇති.

_92897413_560e3879-6e54-4c4b-b2ee-cb205aa6468f

 

 

www.bbc.com ඇසුරිණි