වසර 33 ක් අච්චාරු වෙළදාමේ යෙදෙන සිරිපාල අයියා

0
165

cyril aiyasira 1අද මිපුර අප හට නෙත ගැටුනු ඔහු නමින් සිරිපාල ද සිල්වා වෙළද මහතායි .වසර 33 ක් පමණ අච්චාරු වෙළදාමේ යෙදෙන ඔහුව අද මිපුර වෙබ් ජාලයෙන් ලොවට හදුන්වා දෙමු
ඔහු ගෙ ජිවිත කතාවේ රස මුසු තැන් සමග මෙසේ දිග හැරෙයි.
දැනට වයස අවුරුදු 72 ක් පමණ වන සිරිපාල ද සිල්වා  උපන්නෙ දර්ගා නගරයේ කාදියා වත්ත ග්‍රාමයේයි ඹහු කුඩා කල පාසැල් ගියේද දර්ගා නගරයේ තිබු මුස්ලිම් පාසල වන සහිරා විදුහලටයි. වැඩී දුරටත් ඉගෙනිමට ප්‍රිය කලත් පවුලේ අග හිගකම් මැද  පස් වන ශ්‍රේණියත් සමග පාසලෙන් සමුගත්තේය.
ඔහුට වැඩිමහල් සොහයුරියක්ද සිටි. පවුලේ එකම පිරිමියාවු ඔහු පවුල ජිවත් කරන්නට එක එක රස්සාවක නිරතවිය  පසුව ඔහු ගෙ විවාහය යෙසින්තා සමග සිදුවිය
තමා 1964 වසරේ මිගමුවට පැමිණි මුහුදු රස්සාවේ නිරතවි පසුව තම උුත්සාහයෙන් මෙම අච්චාරු වෙළදාම පටන් ගනි
අද වන විට කොච්චිකඩේ  දලුවකොටුව ප්‍රදේශයේ පදිංචි සිටින ඔහු දිනකට කි මි 12 ක් පමණ දුර ගමන් කරමින මෙම වෙළදාමේ යෙදේ.
දවහල් 11 දක්වා වැල්ල වීදිය මාරිඅම්මන් කොවිල අසලත් පසුව ලෙල්ළම මෙන්ම අනෙකුත් ප්‍රදේශ වලට ද ගමන් කරමින් කාලෙන් කාෙලට ලැඛෙන පළතුරු අතර අන්නාසි  පේර ඇබරැල්ල අඹ දිවුල් නොයෙක් අච්චාරු වේ  කාන්තවන් දරුදැරියනද මෙන්ම විදේශිකයින් ද සිරිපාල අයියාගෙන් අච්චාරු ලබාගන්නා අවස්ථාවක් අප කැමරාවට හසුකර ගැනිමට අවස්ථාවක් ලැබුනි.
ආදායම සුපුරුදු පරිදි සිදුවන බවත් නිහතමානිව පැවසු ඔහු  කලින් කරත්තයකින් අච්චාරු වෙළදාමේ යෙදෙන විට  පිටිපන  තුඩැල්ල දක්වාත්  හලාවත ආරච්චි කට්ටුව දක්වාද ගමන් කරමින් මෙම රස්සාව ගැන අපට පවසන්නට විය දැන් සයිකලයකින් ෙවේළදාමෙහි යෙදි සිටි
ඔහු ගෙන් අතිත සිදුවිම් ගැන විම සිමෙදි 1983  ජුලි කෝලහාලය පැවති සමයේ දිනක් තම ශාරිරික අවශ්‍ය තාවයකට  ලදු කැලවක ගොස් සිටින විට  රුපවාහිණි යන්ත්‍ර විඩියෝ යන්ත්‍ර තව සෙම්බුවක රත්ත්‍රං වැනි දැ තිබු බවත් අන් සතු දෙ කුමකටද තමාගේ වෙළදාමෙන් පවුල ජිවත් කරමු යැයි අදිටන් කල බවත් පැවසිය  දුම්වැටි  බුලත් මත්පැන් පානයන් ගෙන් තොර දිවි පෙවතක් ගෙවන ඔහු තරුණයන් හට දුසිරිතෙන්  තොර ජිවිතයක් ගතකරන්නට  ආරාධනා කර සිටි.
ඔහුගේ විනෝදාංශය වන්නෙ පැරණි සිංදු ගායනා කිරිමයි.
ඔහුගේ කනස්සල්ල නම් තම දෙමා පියන් දෙදෙනා තම නිවසේ තබා රැකබලා ගැනිමට අවස්ථාවක් නොලැබිම යි.
මෙවන් සිතුවිලි උපදින මිනිසුන් අප අතර සිටිදැයි භාහිර රුපයෙන් හදුන ගතනොහැකිය විවෘතව අප හට අදහස් දැක්වු සිරිපාල ද සිල්වා මහතා ට සුභ පතා සමු ගත්තෙමු

සජායිල් මුනියර්