වසර 40 කට පසු මීගමුවේ ජනතාවට ඉඩම් ඔප්පු !

0
59
ww
රොයිස් විජිත මහතා ඇතුළු . මන්ත්‍රී කණ්ඩායමක් ගරු, ගයන්ත කරුණාතිලක ඇමතිවරයා සමග ඊයේ (6දා) කරනලද සාකච්ඡාව

වසර  40ක්   තිස්සේ  සිහිනයක්ව  පැවති  මීගමුවේ  අනවසර   පදිංචිකරුවන්ගේ   ඉඩම්  නිරවුල් කෙරේ.
මෙවර  පළාත්  පාලන  මැතිවරණයේදී   ජයගත්  ප්‍රධාන  සංවිධායක  රොයිස්  විජිත  මහතා  ඇතුළු   .  මන්ත්‍රී   කණ්ඩායමක්   ගරු, ගයන්ත කරුණාතිලක  ඇමතිවරයා   සමග  ඊයේ (6 )  කරනලද  සාකච්ඡාවක  ප්‍රතිඵලයක්  ලෙස  මීගමුවේ  අනවසර  ඉඩම්  ප්‍රශ්ණයට  විසඳුමක්  ලබාගැනීමට  සමත්වී ඇත.  මේ  අනුව  පහත  සඳහන්   ප්‍රදේශ වලට  නිරවුල්  ඔප්පු   ලබාදීමට  නියමිතව ඇත.  මේ අනුව,

කඩොල්කැලේ   – පවුල්  900

උප්පලමවත්ත      -පවුල් 96

දළුපත                   පවුල්  61

ඇතුළු     කොච්චිකඩේ  ,සිරිවර්ධන පෙදෙස ,  මන්කුලිය  යන ප්‍රදේශ  වල   සියළු  අනවසර  ජනතාවට  ඉහතකී  වරප්‍රසාදයට  හිමිකාරීත්වය  ලැබේ.

පසුගිය   නගරසභා  පාලන  කාලයන්  තුල  මෙම  ප්‍රශ්ණය  දඩමීමා  කරගනිමින්  ජනතාව  ගොනාට  ඇන්දවීමේ  ක්‍රියා පිළිවෙතක්   ගෙනගිය අයුරු  අපි  දැක්කෙමු.  නිමල්  ලාන්සාගේ පාලන කාලය  තුළද ජනතාවට විවිධ   ලිපි  සපයමින් ඔප්පු ලබාදෙන බවට බොරු පොරොන්දු ලබාදී ඇති බවට සාක්ෂි තිඛේ.    කඩොල්කැලේ ජනතාව  විවිධ  සංවිධාන  පිහිටුවා  ගනිමින්,  විවිධ පුද්ගලයින්  සමග  සාකච්ඡා   කරමින්,   පෙත්සම් ඉදිරිපත්  කරමින්,  දැරූ මහන්සිය අතිමහත්ය.
කැපකිරීම් ද අපමණය.   නමුත්  ඒ සියල්ල  ගඟට  ඉනි කැපුවා  හා  සමාන විය. මෙම ජනතාව  මේ  සඳහා  පිහිටුවා  ගත්  සමීති  අදටත්  තිබෙන  නමුත්  ප්‍රශ්ණය  එකතැන  පල්විය.
මේ  අනුව  එ.ජා.ප  ය   ජනතාව  වෙනුවෙන් වූ   පොරොන්දු   වලින්  එකක්  ඉටුවී  ඇත.