” වසවිසෙන් තොර ධාර්මික ගොවිතැනක් ”

0
102

” වසවිසෙන් තොර ධාර්මික ගොවිතැනක් ” යන තේමාව යටතේ ගොවි පුහුණු වැඩමුඵවක්
අද කටාන ප‍්‍රදේශීය ලේකම් කාර්්‍යාල ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම වැඩමුළුව ගම්පහ ගොවිජන සේවා සංවර්ධන සහකාර කොමසාරිස් කාර්්‍යාලය මගින් පවත්වන ලදී.
මෙහි ආරම්භක අවස්ථාවට ආරාධිතයින් ලෙස ගරු කදිරානේ ඥාණතිස්ස ස්වාමීන් වහන්සේ
සහ කටාන ප‍්‍රදේශීය ලේකම්වරයා ඇතුඵ පිරිසක් සහභාගී වූ අතර වැඩමුඵවේ ප‍්‍රධාන
දේශකයා ලෙස සහභාගී වුයේ පරිසරවේදියෙකු වන කාබනික ගොවිතැන පිලිබද පුහුණු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වූ තිලක් කන්දේගම මහතාය.
මේ වන විට වස විස ඇති රසායනික ද්‍රව්‍ය සහ විවිධාකාරයේ රසායනික
නාශක භාවිතය තුල මෙරට කෘෂිකර්මාන්තය රටේ සමස්ථ මහජනතාවගේ නිරෝගීභාවයට භායනක අවධානමක් එක් කර ඇත. එවන් අහිතකර සහ අයහපත් තත්වයක් තුල මෙරට ජනතාව විශේෂයෙන්ම අනාගත පරපුර වසවිසෙන් තොර අහාර රටාවකට යොමු කිරීමටත්, වසවිසෙන් තොර කෘෂිකර්මාන්තයක් යලිත් මෙරට ඇති කිරීම 
පිනිසත් ගොවි නායක නායිකාවන් සහ පළාතේ කෘෂිකර්මාන්තය හා බැදුන
ආයතන වල වගකිව යුතු නිලධරීන් මුලික වශයෙන් දැනුවත් කිරීම මෙම වැඩමුඵව පැවැත්විමේ ප‍්‍රධාන අරමුණක් වූ බව තිලක් කන්දේගම මහතා එහිදී පැවසීය.

දිස්තී‍්‍රක්කයේ ප‍්‍රදේශිය ලේකම් කොට්ඨාශ මට්ටමින් පවත්වන මෙම
ගොවි පුහුණු වැඩමුඵව සදහා අනුග‍්‍රහකත්වය ලබා දෙන්නේ
ගම්පහ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර පුජ්‍ය අතුරලියේ රතන ස්වාමීන්වහන්සේගේ 2012 වර්ෂයේ විමධ්‍යගත මුදල් ප‍්‍රතිපාදන මගිනි.

more photo >> http://citizenpage.tumblr.com/