ව්‍යසන අවස්ථාවකදි ඒකෙන් දේශපාලන වාසි ගන්න එක ඇදුම් ඇදගෙන කරන්න පුලුවන් වැඩක් නෙමේ !-රොයිස් විජිත

0
45

රොයිස්ඇමති නිමල් ලංසා විසින් මෙහෙයවනු ලබන මීගමුවේ මෙගා ඩෙංගු වැඩසටහන මුළුමනින්ම දේශපාලන සංදර්ශනයක්වි  ඇතැයි මීගමුවේ විවිධ ප්‍රදේශවලින් චෝදනා එල්ල වන්නට පටන්ගෙන තිබේ.
මේ පිළිබදව අදහස් දක්වමින් මීගමුව සංවර්ධන කමිටුවේ සමසභාපති බස්නාහිර පළාත් සභා මන්ත්‍රි රොයිස් විජිත මහතා විසින් කියා සිටියේ  අම්මා ඩෙංගු වලින් මැරිලා ඩෙංගු හැදිලා පුතා නවලෝක රෝහලේ ඒක  දන්නේ  නැ.පුතාගේ ප්ලේට්ලට්ස් නගින කම් අම්මාගේ මිනිය සාලේ තියාගන්න වෙනවා භුමදානය කල්දාලා …මේ වගේ දේවල් සිද්ධවෙන ව්‍යසන තත්වයකින්  දේශපාලන වාසිගන්න  රෙදි ඇදන් කරන්න  බෑ.
තෙල් ගහන කොට එක එක නම් කියල ලකුණු දාගන්න හදනවා.
මීගමුවේ ඩෙංගු මර්ධන වැඩසටහන ස්වාධින එකක් වෙන්න ඕනා.
ඔහු මේ අදහස් පළකර සිටියේ ඊයේ මීගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ පැවැති සාකච්ජාවකදිය.
ජුලි 29 වනදා ස්වාධින රූපවාහිනි සේවය විසින් මීගමුවේ සංවිධානය කරනු ලබන ඩෙංගු මර්ධන වැඩසහටන  ගැන මෙම  සාකච්ජාව පවත්වා තිබුණි.ITN event 1