ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ඉල්ලු නාගරික මන්ත්‍රි කව්ද ?

1
67

cp_thug1මීගමුවේ නත්තල් පොල ටෙන්ඩරය යනු සැමවසරකම පුවත් මවනා සිදුවිමකි.මෙවර නත්තල් පොල ටෙන්ඩරයේ ඇත්ත හිමිකරුවා වන්නේ මීගමුව මහනගර සභාවේම මන්ත්‍රිවරයෙකි.ඔහු ගේ සහට ඩැනි කෙනෙකු ලෙසින් කටයුතු කරනු ලබන්නේ මෙවන් පොළවල් වල  ගණුදෙනු වලදි කප් ගැසු මුස්ලිම් මන්ත්‍රිවරයෙකි.
කෙසේ වෙතත් මීගමුව නගර පුරා ස්ථිර කඩ පවත්වාගෙන යනු ලබන අය තම සාප්පුව ඉදිරියෙන් යම් ඉඩක් ලබාගෙන තමන්ගේ දැ ප්‍රදර්ශනයට තැබිම දැනට කලක පටන් කරගෙන යනු ලබන කටයුත්තකි.
මේ අළුත් ටෙන්ඩර් මන්ත්‍රිවරයා මෙවන් ව්‍යපාරිකයන්ගෙන්ද මුදල් මෙලෙස ඉල්ලා කරදර කරන බව වාර්ථා වේ.විශේෂයෙන්ම නගරයේ ඔරලෝසු කණුව අසල පිහිටි DSI පාවහන් අලෙවි සැලේ අයට ඒ අසලම ඇති තවත් සාප්පුවකට ගොස් ඇති මේ ටෙන්ඩර් කරුවන්ගේ ගෝලයන් පිරිසක් මෙසේ නිතර මුදල් ඉල්ලා කරදර කරන බව දැන ගන්නට ඇත.