ව්‍යාපාරිකයින්ට පෙනෙන කුණු මහ නගරසභාවට නොපෙනීම….

0
224

DSC_1261

(8.30am)මීගමු   නගරයේ   කඩපිල්  ඉදිරිපිට  ඇති  කාණු පද්ධතියේ   සමහර  ස්ථානවල  තුවාලයකින්   ඕජස්  ගලන්නාක්  මෙන්  කැඩුනු  කොන්ක්‍රීට්   කැබලි
අතරින්   කැලිකසල  එකතුවී   දුඟද  හමමින්  මතුවී  පෙනෙයි.   මේඅනුව විවිධ  වර්ගයේ  ටින්  කබල්,  බෝතල්,  ප්ලාස්ටික්  අප  ද්‍රව්‍ය,  කළු
පැහැති  මඩ  සහිත  වතුර,  මෙසේ  පෙනෙන දේවල්ය.  තමන්ගේ   වෙළඳසැල් ඉදිරිපිට  කොන්ක්‍රීට්  ලෑලි  වලින්  කාණුව  වසා  ඇති  බැවින්  මෙකී
කුණු  නොපෙනුනද   වැසි  සහිත  දිනවලදී  මේවා  පිටාර  ගලන  වතුර  සමග මතුවී  සෑම  අතටම  සමසේ  බෙදී යයි.  කෲස්  පාර,  ග්‍රීන්ස්  පාර,  කෙලින්
වීදිය  මේ  සෑම  අතටම  ගලායන  එම  වතුර   ඔරලෝසු  කනුව  ආසන්නයේදී වැවක්  මෙන්  දිස්  වෙයි.   මේවා  ජනතාවට  පෙනෙනෙවාසේම   එකී  සියළු
දහජරාවම  තම  දෙපයින්   මැඩගෙන  යාමට  ඔවුන්ට  සිදුව  ඇත.  ඒ  මගින් නගරයෙන්  බඩුබාහිරාදිය  ගන්නවාසේම   දෙපාවල  තැවරෙන  විෂබීජ  මගින්   රෝග
කාරකද  නිවසට  රැගෙන යයි.   සමහර  ව්‍යාපාරිකයින්   පවසන්නේ   සමහර වෙළදසැල්  වල  වැසිකිළි වළවල් සඳහා  අවශ්‍ය  පහසුකම්  නැති  හෙයින්
වැසිකිළි  බට   කාණු  වලට  හරවා  ඇති  බවයි.

මෙහිදී    ව්‍යාපාරිකයින්   පවසන්නේ   ඔවුන්   නගරසභාවට  බදු  ගෙවන නමුත්   ඔවුන්ගේ  වෙළදසැල්  ඉදිරිපිට  කානු   පිරිසිඳු  කිරීමක්
අවුරුදු  ගණනාවක්  යනතෙක්  සිදුවී  නොමැති  බවයි.  එවැනි   පිරිසිඳු කිරීමක්  කෙරේනම්   එවැනි  කටයුුතු  යොදා  ගන්නේ   දිවා  කාලයේ  වීම
වෙළදාම්  කටයුතු  සඳහා  බාධාවක්  බව  පවසන  ඔවුන්  රාත්‍රි   කාලය  මේ  සඳහා  යොදා ගන්නේනම්   වැදගත් බව  පවසයි.   නමුත්  එවැනි  පිරිසිඳු
කිරීමක්  හෝ  අවුරුදු  ගණනාවකට  සිදුනොවූ  බවත්  , සමහර  විට   කාණු වලින්  ගොඩ  ගන්නා  කැලි  කසල  ගොඩ  දැමූවද  ඒවා  ඉවත්  නොකිරීම  නිසා
වර්ෂා  දිනවලදී  ඒවා  නැවත  කාණුවටම  වැටෙන බවද  පවසයි. මේ  අනුව  ඔවුන් ඉල්ලන්නේ  දිනපතා  නොව  සතිපතා  නොව  මාස්පතා  නොව  අවුරුද්දකට  දෙතුන්
පාරක්වත්   මෙම  කාණු  සුද්ධ  කරන  ලෙසයි.