ව්‍යාපාරික මුස්ලිම් මිතුරන්ට ගරු කිරීමේ චාරිත්‍රයක් දිනපතා පොලේදී..

0
75

මේ දිනවල  සිදුකෙරෙන මුස්ලිම් බැතිමතුන්ගේ රාමසාන් උපවාසය නිමවන සන්ධ්‍යාෙව්දී  එම චාරිත්‍ර කටයුතු  සිදුකරන මොහොතේ දී ඔවුන් සමග සිය සහෝදරත්වය බෙදාගැනීම සදහා  සංග්‍රහයක් පැවැත්වීම සෑම වර්ෂයකම මීගමුව දිනපතා පොළේ  ව්‍යාපාරිකයන් විසින් සිදු කරනු ලබයි.
පසුගිය 09 වනදාත් සවස දවසේ උපවාසය අවසන් වන මොහොතේ එම ගොඩනැගිල්ල ආශ්‍රිතව ව්‍යාපාර කටයුතු සිදුකරන සියලූම මුස්ලිම් ව්‍යාපාරික මිතුරන් සදහා   සංග්‍රහයක්  අනෙකුත් ව්‍යාපාරිකයන් විසින් සංවිධානය කරන ලදී.  මීගමුව නගරයේ ආගමික සමගිය හා සහජීවනය පවත්වාගෙන යාම  මෙම සද්කාර්යේ අරමුණ බව ව්‍යාපාරික මහතුන් පවසා සිටියහ.

ඡායා – තුෂාර රොහාන්