ව්‍යාපෘති කම්කරුවන්ගේ හෙටඋද්ඝෝෂණය නගරාධිපතිගේ අනුග්‍රහයෙන්ද..???

0
90

මීගමුව මහනගර සභාවේ විවිධ ව්‍යපෘති සදහා මාස 6 ක් සදහා බදවා ගනු ලබන කම්කරුවන් විවිධ උපක්‍රම මගින් දිර්ඝ කාලයක් රදවා ගන්නට අදලා බලධාරින් කටයුතු කිරිම පළාත් පාලන නිතියට පටහැනිව දක්වමින්  හෙට පැවැත්වෙන මහ සභා රැස්විමට විපක්ෂයේ රොයිස් විජිත මන්ත්‍රිවරයා විසින් යෝජනාවක් ගෙන ඒමට නියමිතව ඇත.දේශපාලන සබදකම් මත බොහෝ විට සිදුකෙරෙන මෙම බදවා ගැනිම් එකි දේශපාලන අනුග්‍රහයන් සදහාම තවදුරටත් පවත්වාගෙන යෑම සිදුකෙරේ. මෙසේ  ව්‍යපෘති ප වෙනුවෙන් බදවා ගත් ඇතැමෙක් අද ස්ථිර පත්විම් ලැබ දේශපාලන හෙංචයින් ලෙසින් කටයුතු කරන අන්දම ගැන බොහෝ තොරතුරැ අප සතුය.

තතු මෙසේ තිබියදි හෙට දිනයේ මෙකි ව්‍යපෘති කම්කරුවන් උද්ඝෝෂණයකට සැරසෙන බව දැනගන්නට ඇත.මේ සදහා මීගමුව නගරාධිපති ඇතුළු ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රිවරුන්ගේ පුර්ණ ආශිර්වාදය ලැබි ඇත.   මේ විරෝධාතාව වෙනුවෙන් සැකසුන විරෝධතා පුවරු අද සවස් යාමයේ මීගමුව මහ නගර සභා ගොඩනැගිල්ල පිටුපස දි සකස් වෙමින් තිබුණි.