ව්‍යාපෘති කම්කරු වැඩසටහන ලංසා පවුලේ රැකියා බැංකුවද?

0
51
ඇමති නිමල් ලංසා සහ බිරිද මේන්ම සොහොයුරු දයාන් ලංසාද මෙහි වෙයි.
ඇමති නිමල් ලංසා සහ බිරිද මේන්ම සොහොයුරු දයාන් ලංසාද මෙහි වෙයි.

මීගමුව  මහනගරසභාවේ  කම්කරුවන්  ලෙස  බඳවා  ගෙන  රැකියා  නිර්මාණය  කරන  ව්‍යාපෘතියක්  නගරාධිපති  වරයාගේ  අවශ්‍යතාව  මත  ක්‍රියාත්මක  වේ.  නමුත්  අප  දන්නා  පරිදි  දැනට  සිටින  සේවක  සංඛ්‍යාව  තිබෙන  වැඩ  ප්‍රමාණයට    ප්‍රමාණවත්ය.  එසේ  තිබියදී    නැවත  ව්‍යාපෘති  ‍කම්කරුවන්  ලෙස  තවත්  සේවකයින්  බඳවා  ගන්නේ  ඇයිද ?  යන්න  විමසා  බැලීම  වැදගත්වේ.  මන්ද  මේ  සියළු දෙනාට  වේතන  ලබා දෙන්නේ  නගර සභාවට  බදුගෙවන  ජනතාවගේ  බදු මුදලින්  වීමයි.

එසේම  නගරාධිපති වරයා    මීගමුව  මහ නගරසභාවට  ඉදිරිපත්  කරන  යෝජනාවට  අනුව  මීගමුව  බලප්‍රදේශය  තුළ ඇති  මාර්ග පද්ධතිය,  බදුගෙවන  ජනතාවට  හා  මීගමුවෙන් පිටත   සේවා  ලබාගැනීමට  පැමිණෙන  දේශීය  විදේශීය  ජනතාවට  කිසිදු  අවහිරතාවයකින්  තොරව  පහසුවෙන් භාවිතාකළ  හැකි  පරිදි  නඩත්තුකර  පවත්වාගෙන  යාම  සඳහා  යනුවෙන්  සඳහන්  කරමින්,   මෙම  ව්‍යාපෘතියෙහි  කාලය  2019-  08-  09  දිනට  අවසන්වන  හෙයින්   නැවත  2019-  08-   15  සිට  2020- 02- 14 දින  දක්වා  දීර්ඝ  කිරීමටත්,  එම  ව්‍යාපෘතිය  සඳහා  බඳවාගෙන ඇති  සියළු  ව්‍යාපෘති  සේවකයින්  සඳහා  දෛනිකව  ගෙවීම්  සිදුකිරීමටත්,  අදාල  ව්‍යාපෘති  වාර්තාව  සඳහා  පළාත්පාලන  කොමසාරිස්ගේ  අනුමැතිය  ලබාගැනීමටත්  මෙකී  යෝජනාව  ඉදිරිපත්  කරන  බව  කියමින්  සභාවේ  අනුමැතිය සඳහා   ඉදිරිපත්  කරයි.

ව්‍යාපෘති  කම්කරුවන්ගේ   රැකියාවන්  සම්බන්ධව  අපට  කිසිදු   ගැටළුවක්  නැත.  නමුත්  මෙම  කම්කරුවන්ගෙන්   කොතරම්  ප්‍රමාණයක්   ඉහත  යෝජනාවට  අනුව  පාරවල්වල  නඩත්තුව  සඳහා  යොදවා  සිටීදැයි  විමසා  බැලීම  වැදගත්ය.  අප  දන්නා  පරිදි  මෙම  සේවකයින්ගෙන්  50%  ක්  පමණ  පාරවල්වල  වැඩතුළ  දැකිය හැකිනමුත්    අනෙක්  සියළු දෙනා  ලස්සනට  හැඳ පැළඳ    පැමිණ   නගරසභා  කාමර තුළ පුටු  රත්කරමින්    ඔහේ    කාලය  කා දමති.සැබැවින්ම එසේ කාමර වල සිට ඔහෙ එහා මෙහා යන අය ව්‍යාපෘති කම්කරුවන්ද  යන ප්‍රශ්ණය දැන් නගර සභාව තුලම මතුව තිබේ.

නගරාධිපතිවරයාගේ    සහ  ඔහුගේ  අයියාගේ  හෝ  තාත්තාගේ  ඡන්දදායකයින්    සනසාලීම  සඳහා  මෙම  ව්‍යාපෘතිය   අවශ්‍යවී  ඇති  බව  තතු  දන්නා  අය  පවසති.  නමුත්  මීගමුව  ජනතාවගේ  බදු  මුදල්   හිතුමතේට    භාවිතාකිරීමේ    ඉඩකඩක්  සැකසෙන්නේනම්    අපි ඊට  විරුද්ධ විය  යුතුය. ඒ  මන්දයත් මසකට රුපියල් ලක්ෂ 06 ක වියදමක් මාසික වැටුප වෙනුවෙන් මේ ව්‍යාපෘති කම්කරුවන් හට ගෙවිමට සිදුව තිබිමයි.
කණගාටුදායක  කාරණය   වන්නේ  ප්‍රධාන  විරුද්ධ  පක්ෂය  ලෙසින්  පෙනී  සිටින   එ. ජා. ප. ය  මේවා  සඳහා  විරුද්ධ  නොවනවා  පමණක්  නොව  සමහරු   සහාය ද  පළකරන  තැනක  සිටීමය.   ජ. වි. පෙ    සාමාජිකයින් ද  සියළු  දේවල්  පිළිබඳව    නිහඬව  සිටියි.  නමුත්  එක  කාලයක්  මෙම  නගරසභාවේ  වැඩි  හඬක්    අසන්නට  හැකිවූයේ    එවකට  සිටි  එකම    ජ. වි. පෙ. සාමාජිකයාගෙනි.    එසේම   සිවිල්  සංවිධාන,  රාජ්‍යනොවන  සංවිධාන,  බදුගෙවන්නන්ගේ  සංවිධාන   තමන්ගේ  දෙපාමුල  ඇති  මෙම  ප්‍රශ්ණ  වෙනුවෙන්    කිසිදු  හඬක්  නොනගති.   මෙවැනි  තත්වයක්  යටතේ  කුමන  බාධා   පැමිණියද  මීගමුවේ  බදුගෙවන  ජනතාව  වෙනුවෙන්   මෙකී  අවභාවිතයන්  පිළිබඳව   අපි  නිතර   අවධානයෙන්   සිටිමු.