වාචල ඇමතියෙක් සහ වාචාල මාධ්‍යවේදියෙක්…

0
98

ragaganaවෘත්තිය සදාචාරයකින් තොර වෘත්තිකයන් බහුතරයක් සිටින ආසියාවේ ප්‍රධානතම රට ලංකාව විය යුතුය.
දේශපාලනක්ෂේත්‍රයේ පමණක් නොව මාධ්‍යක්ෂේත්‍රය කරාද මෙය පැතිර ගොස් ඇති ආකාරය අද උදේවරුවේදි හෙළිවිය.
හිරු රූපවාහිනියේ අද උදෑසන පැවැති පත්තර විසිතර වැඩසටහනේදි පිල්ලේ මැතිණියගේ ලංකා සංචාරය පිළිබදව ඇමති මර්වින් සිල්වා පවසා තිබුනේ ඇය කැමති නම් තමන් ඇය විවාහ කරගන්නට පවා කැමති බවය.
මේ පුවත නැවත විකාශය කරමින් ඒ ගැන සදහනක් කරන හිරු පත්තරේ විස්රතය ඉදිරිපත් කරන මාධ්‍යවේදියාගේ වාචලකම අද නැවත වරක් මොනවට පැහැදිලි විය.
ඇමති මර්වින්ගේ ඉහත ප්‍රකාශය ගැන තළු මරමින් රංගන නැමැති මාධ්‍යවේදියා පවසා සිටියේ මර්වින් ඇමතිවරයා පිල්ලේ නෝනව බැන්දොත් හබ්බවෙන ලමයි කව්රු වගේ වේදැයි කියාය.
ලංකාවේ මාධ්‍ය ක්ෂෙත්‍රයේ ගුවන් විදුලියේ වාචාලයා වන්නේ හඩ්සන්ය. මුද්‍රිත මාධ්‍ය ක්ෂෙත්‍රයේදි නම් ඒ වාචාලකමේ ගරු සම්මානය හිමිවන්නේ කිර්ති වර්ණකුලසුරියටය.රුපවාහින ක්ෂේ්‍ත්‍රයේදි හිරු රංගන නැමැත්තා දැන් චාචලකම මෑත යුගයේ වැඩියෙන්ම ප්‍රදර්ශනය කරගන්නා බවට පත්වෙමින් තිබේ.