වාද විවාද මැද , ඇමතිලත් මැදිහත් වෙච්ච මීගමුවේ නත්තල් පොලට වෙච්ච දේ ?

0
221
Meepura.com

වෙනදා නත්තල්  කිට්ටු කරලා මීගමුව නගරයේ පාරවල් වල හැම තැනම වාහන වලට යනවා තියා මිනිස්සුන්ට පයින් ඇවිද ගෙන යන්නවත් බැරි විදිහට තමයි නත්තල් කඩ හැදුවේ. එහෙම නගරය පුරා ප්‍රධාන මාර්ගවල හැම තැනම වගේ කඩ හදලා නත්තල් කිට්ටු කරලා, නයිට් බසාරෙකත් දවස් ගානකට සෙට් කරලා, ඒකට මීගමුවේ  නත්තල් පොල කියලා කියනවා.

ටෙන්ඩර්කරුවන්ගේ කල්ල මරේ ගිය වැඩ මෙදා සැරේ නෑ

මේ නත්තල් පොල කෙරුවේ ටෙන්ඩර්කරුවෙකුට දීලා. නගර සභාවෙන් සොච්චම් මුදලකට පාරවල් ටික ටෙන්ඩර් අරගෙන  මීගමුවේ කාලයක් තිස්සේ ඉඳලා ඉන්න වෙළෙන්දුන්ටයි, නත්තල්  වගේ උත්සව කාලෙට පිටින් එන වෙළෙඳුන්ටයි වැඩි ගණන්වලට කඩවල් දීලා විශාල මුදලක්  පිටස්තර පුද්ගලයන්ගේ සාක්කුවලට ගියා. කොටින්ම කියනවා නම් නගර සභාවට හම්බුනේ සොච්චම් මුදලක්. ඒ වගේ තුන් හතර ගුනයක් විතර  විශාල මුදලක් පිටස්තර පුද්ගලයෝ මේ නත්තල්  කාලෙට යහමින් හම්බ කරගත්තා.

අහිංසක වෙළදුන්වත් ගසා කාලා නගර සභාවටත් කෝකා පෙන්නලා, ඒ කාලේ ඒ විදිහට කරපු වැඩ වලට ඔන්න දැන් නැවතීමේ තිත වැටිලා.

ඒ අනුව මෙදා පාර  මීගමුව මහ නගර සභාවෙන්ම තමයි වෙලදුන්ට නත්තල් කඩ වෙන් කරගන්න හම්බ වුනේ . ආයේ අතරමැදි ටෙන්ඩන්කාරයන්ට අසාධාරණ විදිහට වෙළඳුන්ව ගසා කන්න ඉඩක් ලැබෙන්නේ නැති විදිහට.

නයිට්බසාර් පොල  කරුවගේ ඉල්ලිම ආසාධාරණයිද ?

ඒ වගේම මෙදා පාර නත්තල්පොල කියලා කියන්නේ  වෙනදා සෙනසුරාදා දවස්වලට තියෙන සුපුරුදු නයිට් බසාරෙකම තවත් දින කීපයක් පවත්වන එක. ආරංචි විදිහට නම් නයිට් බසාර් එක කරන වෙළෙඳුන් නගර සභාවෙන් ඉල්ලීමක් කරල තියෙනවලු අඩුම තරමින් දින 03 ක් වත් නයිට් බසාර් නත්තල් පොල විදිහට විදිහට කරගෙන යන්න දෙන්න කියලා.

ඒ වගේම ආරංචි විදියට  දිනපතා වෙළඳපොලේ  වෙළෙඳ සංගමය ඒ ඉල්ලීමට එකඟ නැතිලු. ඔවුන් කියන්නේ නයිට් බසාර් එක නත්තල් පොළ විදිහට  එක දිගට දින 03 ක් තිබ්බොත්  දිනපතා වෙළඳපොලේ කඩ සාප්පු වලට බිස්නස් අඩුවෙලා, සමහර වෙලාවට බිස්නස් කරගන්නම බැරි වෙයි කියලයි. ඉතින් ඒක නිසා දිනපතා වෙළඳපොලේ  වෙළඳ සංගමය කියන්නේ නත්තල් පොළට 01 දිනයක් දෙන්න කියලා.

ඇමතිත් ගේමට බැස්ස මිගමුවේ නත්තල් පොල කථාව 

ඒ විතරක් නෙමෙයි  තැන තැන කථාවෙන ආරංචි වල හැටියට නම් ඇමතිකෙනෙකුත් මේ පොල ප්‍රශ්ණෙට මැදිහත්වෙලාලු .එහෙම බලන් ගියාම මේක සෑහෙන සිරියස් කෙස් එකක් . මොකද ඇමතිලත් කථා කරන තත්වෙට වැටුන නත්තල් පොලක්

දැන් කොහොම හරි  නාගරික කොමසාරිස්වරිය තීරණය කෙරුවලු කාටත් සාධාරණව නත්තල්පොළ සඳහා  දින දෙකක් ලබාදීමට.

දින 2 ක දින 3 වෙනවාමයි ?

පොල කරන අය ගැන හොදටම දන්න අය කියන්නේ මේ දින අනිවාර්යෙන්ම දින 3 වෙනව කියල . මොකද 24 වෙනිදටත් මේ ක ඔය විදියට තියෙයි කියල ,

කොහොම වුණත් දිනපතා වෙළෙඳපොළ වගේම නගරයේ ස්ථිර වෙළඳ ආයතන වල බොහෝ ව්‍යාපාරිකයන් ඒ තීරණයට එකඟ නැති බව තමයි වාර්තා වන්නේ.

කොහොම වෙතත්  අප මේ ගැන නාගරික කොමසාරිස්වරියගෙන් විමසූවා. එහිදී කොමසාරිස්වරිය පවසන්නේ  නයිට් බසාර් වෙළදුන්ගේ ඉල්ලීම සහ දිනපතා වෙළඳපොලේ වෙළඳ සංගමය කල ඉල්ලීමත් සලකා බලමින් දෙගොල්ලන්ටම සාධාරණයක් කරන්න බලාපොරොත්තු වෙනව කිව්වා
ඒ අනුව නයිට් බසාර් එකට දින දෙකක් නත්තල් පොළ විදිහට කරගෙන යන්න අවස්ථාවක් ලැබේවි කියලා තමයි මහා නගර සභාවේ ආරංචි මාර්ග වලින් කියැවෙන්නේ.

ඒවගේම අධිකරණ නියෝගයක් ලබා දී තිබෙන නිසා නගරයේ සෑම මාර්ගයකම පෙර අවුරුදුවල වාගේ මේ පාර නත්තල් කඩ ඉදිකිරීමට නොහැකි බවත්, විශේෂයෙන්ම අධිකරණ නියෝගය  පරිදි කටයුතු කර  තෝරා ගත් ස්ථානවල පමණක් මහජනතාවට හිරිහැර නොවන සේ නත්තල් කඩ ප්‍රමාණයක් මේ වනවිටත් මහ නගර සභාවෙන් ඉදිකර ඇති බවත් කොමසාරිස්වරිය මෙහිදී වැඩිදුරටත් පැවසුවා.

දිනපතා පොලේ වෙළද සංගමය නොසතුටින්

මේ සම්බන්ධව කතා කරපු මීගමුව දිනපතා පොලේ වෙළඳ සංගමයේ සභාපතිවරයා නම් කියන්නේ එයලා නත්තල් පොලට දින 02ක් ලබාදීම ගැන එයාලා එකඟ වෙන්නේ නැහැලු. මොකද නත්තල් පොල කරන වෙළෙඳුන්ට ඒ කියන්නේ නයිට් බසාර් එකේ වෙළඳුන්ට ඒ කාලේ වෙනත් පොළවල් වලටත් යන්න පුළුවන්ලු. නමුත් දිනපතා වෙළඳපොලේ එයාලා බිස්නස් කරන්නේ එකම ස්ථිර තැනක නිසා, නත්තල් පොළ පැවැත්වීමෙන් එයාලට හරි හමන් බිස්නස් එකක් කරගන්න බැරුව යයි කියලයි ඔහු වැඩිදුරටත් කියන්නේ. ඉතින් ඔහු අන්තිමට කිව්වේ කොමසාරිස්තුමිය  අපේ ඉල්ලීම ගැන සලකා බලලා අපිට සාධාරණයක් කරයි කියලා අපි විශ්වාස කරනවා කියලයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here