වාරකන් ඉවර වෙනකම් දින ගණින මිගමුවේ තෙප්පම් ධිවරයා !

0
246

meril

මේ දවස්වල මිගමුව මුහුදට වාරකන් . ඒකෙන් වැඩියෙන්ම බැටකන්නේ මිගමුවේ තෙප්පම් ධිවරයා. මොකද පිමි පණින රැල්ලත් එක්ක අතේ වාරුවෙන් විතරක් තෙප්පමත් ජිවිතයත් දැල්පන්නත් රැක ගන්න එකම අරගලයක් නිසා.
ඒත් වෙන කරන්න දෙයක් නැති හින්ද අත පය හයිය අය අවදානමත් එක්කම වාරකන් කාලතේ තෙප්පමේ යනවා.
මේ දවස්වල සමහරක් අය යන්නේ වෙල්ල සුඩයෝ අල්ලන්න.
මිගමුව පැත්තට වාරකන් ඉවර වෙන්න තවත් ටික දවසක් තියෙනවා.
මේ අසරණ සුළු පන්නකාරයෝ දින ගනිමින් ඉන්නේ වලාලය ඉක්මනට මිගමුව මුහුදට ගොඩබහිනකම්