වාර්තාකරුවන් නොව මාධ්‍යවේදීන් සිටිය යුතුයි.

0
134

 

 

mediaමේ කතාබහ ඇතිවූයේ අද ශ්‍රි ලංකාවේ සුප්‍රසිද්ධ නගරයක රජයේ ප්‍රධානතම ගොඩනැගිල්ලේ විදුලි සෝපානයේ දී ය.
එහි ගමන්ගත්තේ පත්තර හා රූපවාහිනී වාර්තාකරුවන් පිරිසක් (මාධ්‍යවේදීන්) හා රජයේ එක්තරා දෙපාර්තමේන්තුවක දිස්ත්‍රික්කයේ ඉහළ ම නිලධාරියාය.
වාර්තාකරුවෙක් – ‘‘මහත්තයෝ ඔය ඡන්දය ඉල්ලන අයට කිසිම සුදුසුකමක් නැහැනේ. ඒ නිසා බැරිද මැතිවරණ ක්‍රමය සංශෝධනය කරනකොට ඡන්දය ඉල්න්න අවම සුදුසුකමක් තීරණය කරන්න “
මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමේ අවස්ථාවකට සහභාගී වී මොවුහු ආපසු යමින් සිටියහ.
නිලධාරියා – පුළුවන්. ඉතින් අද අදහස් විමසද්දී ඔයාලට ඒක කියන්න තිබුණනේ. ඇයි නොකිව්වේ. ඒ විතරක් නෙවෙයි ඔයාලට ලියන්නත් තිබුණනේ.
වාර්තාකරුවෙක් – ඔව් අපිට ලියන්න පුලුවන්.
නිලධාරියා – වැඩක් නැහැනේ. ඔයාලා කොච්චර ලියූවත්. ඔයාලා අතර ඇත්තටම මාධ්‍යවේදීන් නැහැ. ඉන්නේ කාගෙන් හරි මොනවා හරි දෙයක් අහගෙන ලියන අය විතරයි. ඒකත් ලොකු ප්‍රශ්නයක්.
විදුලි සෝපානයේ ගමන්ගත් වාර්තාකරුවෝ නිශ්ශබ්ද වූහ.
කියන්නට දෙයක් නැත.
මාධ්‍යවෘත්තිය හුදෙක් කියවනවිට ලිවීමක් හෝ කියවනවිට කැමරාව අල්ලාගෙන සිටින වාර්තාකිරීමෙන් ඔබ්බට ගොස් ජනතා විශ්වාසය දිනා ගැනීමට අවශ්‍ය කාලය එළැඹ ඇත.
(සංජීව විජේවීරගේ මුහුණු පොතෙන් උපුටා ගැනුණි.)