ඉංග්‍රීසි දිනය වෙනුවෙන් කටුනායක රෝ.ක. විදුහලෙන් වැඩසටහන් පෙළක්..

0
97

පාසලේ ඉංග්‍රීසි දිනය හා  දෙවන පාසල් වාරය අවසාන කිරීම නිමිත්තෙන් ඊයේ (ජුලි 29)  දින කටුනායක රෝමානු කතෝලික මහා විදුහල විවිධ වැඩසටහන් රාශියක් සංවිධානය කර තිබුණි. ඒ අතරට ඉංග්‍රීසි දිනයට ආදාල වැඩසටහන් මෙන්ම ක්‍රිකට් තරගයක්ද පැවැත්විණි. පාසලේ දරුවන්ගේ ක්‍රීඩා කුසලතාවය වඩාත් කැපී පෙනුන එම තරගයේදී ක්‍රීඩාව වෙනුවෙන් වඩාත් කැපී පෙනෙන දස්කම් සහිත ක්‍රීඩකයන් හදුනාගැනීමටද පාසලේ ගුරුවරුන්ට හැකිවිය.

ප්‍රදේශයේ වඩාත් කැපී පෙනෙන මෙන්ම මේ වන විටත් සමාජයේ වැදගත් නිලයන් දරන පුද්ගලයන් බිහි කර ඇති පාසලක් වන කටුනායක රෝමානු කතෝලික මහා  විදුහල, අධ්‍යාපනයෙන් මෙන්ම විශය බාහිර ක්‍රියාකාරකම් කෙරෙහිද තම අවධානය යොමු කර පාසලේ අධ්‍යාපනය ලබන සිසුන්ගේ අනාගත අභිවෘද්ධීය ඉලක්ක කරගනිමින්  වැඩසටහන් රුසක් සංවිධානය කර තිබේ. ඒ නිසා වඩාත් පැහැදිලි මෙන්ම ස්ථාවර අනාගතයකට පියමැණිය හැකි දරුවන් සාමජයට ඉදිරියටත් දායාද කිරීමේ හැකියාව කටුනායක රෝමානු කතෝලික මහා විදුහලට ලැබේවා යන්න මීපුර අපේ පැතුමයි.

image-0-02-01-882ef8ce0265ad6d374f2594ed170381af4e32a79964fbec90ed50724a31b22a-V

image-0-02-01-b0da8374f4f8b9f2e5db31f448351eda5607352bacfb430222ebc6548cc934ef-V

image-0-02-01-c92216ee9558c17bf5c361012c366175da488289846618b48074350e568301ab-V

image-0-02-01-3601511890636bc18e5ca89544e47c47124cdd73082e67d7bf4d5c491aa5c5d3-V

image-0-02-01-d99ea4aaeddb8653dfe33b504add413e5b679076936aba9d0c2d50cc7800dbb9-V

image-0-02-01-446344e8b710b04d62eea68ea5d80fbc051186ca7524a195390d1e32ea1f8ff2-V

image-0-02-01-d93acd28a0de22411d0bed4f2dd044560e03bdfacae0084e77c5e54104c80dd5-V